
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධවීමේ වැඩපිළිවෙළ (පක්ෂ දිගය) මුවාවෙන් සමහර නායකයන් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ කූට උත්සාහයක නිරතවීම හේතුවෙන් එම එකතුවීමේ වැඩපිළිවෙළ අසාර්ථක වීමේ තැනකට තල්ලුවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තාවේ. පක්ෂ දෙක එකට එකතුවීමේ උත්සාහය අවංකභාවයෙන් සිදුවන වගක් නොපෙනෙන බව මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කරති.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පසුගියදා පැවැත්වුණු අතර පක්ෂ දෙකේ හවුල සම්බන්ධයෙන් සාමාජිකයෝ පිරිසක් පක්ෂ නායකත්වයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළහ.එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ එම කටයුතු තමාගේ මූලිකත්වයෙන් සාර්ථකව ඉදිරියට යන බවයි.තමන්ට තනිව ගොස් ජයග්‍රහණය කළ හැකි වෙතැයි සමහර නායකයන් විශ්වාසය තබාගෙන සිටින හෙයින් එකට එකතු වී වැඩ කිරිමේ වැඩපිළිවෙළට එම මානසිකත්වය විශාල බාධාවක්වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පක්ෂ දෙක එකට එකතු වීමෙන් තොරව සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බව එම පක්ෂ දෙකේ පහළ සාමාජිකයන් බහුතර පිරිසක් පක්ෂ නායකත්වයන්ට යළි වරක් අවධාරණය කර ඇත.මේ අතර ඇතැම් නායකයන් වෙනත් අය ඉස්මතු වී තමන්ට නායක පුටු අහිමි වේ යැයි යන බියෙන් එජාප සජබ් සන්ධානයට දැඩි අකැමැත්තක් දක්වන බව පෙනී ගොස් ඇතැයිද ආරංචි මාර්ග පවසයි.
නවීන්, කරු ඇතුළු පිරිසද සජිත් ප්‍රේමදාස මහතා පිරිසද එක්සත් ජාතික පක්ෂය කඩාගෙන යාමේ ඇති වූ පාඩුව නැවත නිවැරදි කරගත හැක්කේ මෙවැනි හවුලකින් බවද සජබ පාක්ෂිකයෝ පෙන්වා දෙති.මේ අතර සමග ජන බලවේගය සමඟ සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මුලින් පත් කෙරුණු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කිරිමද එම සාකච්ඡා ක්‍රියාවලියට ආරම්භයේම යම් අවුල් සහගත තත්වයක් ඇතිවුණු බව ආරංචි මාර්ග සඳහන් කළේය.
