අපරාධයක් සිදු කළ පුද්ගලයකුට කිසිදා සැඟව සිටිය නොහැකි බවට ඇති කියමන යළි යළිත් සාක්ෂාත් කරමින් මිනිස් ඝාතනයක් සිදු කර පලා ගිය පුද්ගලයකු වසර දෙකයි මාස තුනකට පසු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. මෙම සිදුවීම වාර්තා වනුයේ මාතලේ පොලිස් කොට්ඨාසයට අයත් ගලේවල පොලිසියෙන්ය.ගලේවෙල පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
වසර දෙකහමාරක් තිස්සේ පොලිසියට කට්ටි පැන්න සැකකරු අල්ලා ගැනීමට පොලිසිය ගත් උත්සාහය ඉහත්ය.මීට වසර තුනකට පෙර එනම් 2023 වසරේ ඔක්තෝබර් 25 වැනිදා ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් ලැබුණේය. එම පැමිණිල්ල ලැබුණේ ගලේවෙල - කුරුණෑගල මාර්ගයේ පිහිටි ජාතික පශු සම්පත් මණ්ඩලයෙනි. ඔවුන් පොලිසියට පැමිණිලි කරමින් කීවේ එම මණ්ඩලයට අයත් ගොවිපොළේ ස්ථාපිත කිරිහල බලා කියා ගත් මුරකරුට පහර දී කිහලට ඇතුළු වී එහි තිබූ බඩු බාහිරාදිය සොරාගෙන ගොස් ඇති බවය.සිද්ධිය සැලවීමත් සමග ගලේවෙල පොලිස් ස්ථානාධිපති විපුල බණ්ඩාරගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ රාජරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වු ස්ථානයට පිටව ගියහ.
කිරිහල පිහිටියේ පොළොව මතුපිට සිට අඩි 7 ක් 8ක් උසකින්ය. කිරිහලේ මුරකරු ඊට පහළ බෑවුම් ඇති කැලෑ කොටසේ වැටී සිටියේය. ඔහුගේ අත් පා සහ මුහුණ ඇඳ ඇතිරිල්ලකින් ඔතා තිබිණි. නිලධාරීන් ඔහු පරීක්ෂා කර බැලීය. ඔහු හුස්ම ගන්නා පාටක් පෙනෙන්නට නොවීය. පසුව තවදුරටත් පරීක්ෂා කිරීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීනට වැටහුණේය. සිද්ධිය මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර වික්‍රමනායක සහ සහකාර පොලිස් අධිකාර් චන්ද්‍රසිරි ආදින් දැනුවත් කිරීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් ඔත විමර්ශන ඇරැඹීය. පසුව සිද්ධිය වූ ස්ථානයට මාතලේ කොට්ඨාස සොකෝ නිලධාරින් ද කැඳ වූ අතර අධිකරණයට කරුණු වාර්තා කිරීමටද පියවර ගැනිණි.
ඒ අනුව දඹුල්ල මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාග් පරීක්ෂණය පැවැත් වූ අතර මහෙස්ත්‍රාත්වරයාගේ උපදෙස් මත මියගිය පුද්ගලයාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා යොමු කරන්නට විය. මෙලෙස මියගොස් තිබුණේ කරුපයියා ස්වාමිනාදන් යන හැට හැවිරිදි මුරකරුය. ඔහු රං වැඩියාව, ගලේවෙල පදිංචිකරුවෙකි. ඒ අතර විමර්ශන ඇරැඹූ නිලධාරීන්ට පශු සම්පත් මණ්ඩලයේ, කිරිහල භාර නිලධාරීන් පැවැසුවේ කරුපයියා මරා දැමූ සොරුන් කිරිහලේ දොර කඩා ඇතුළු වී එහි තිබූ පැණි බෝතල්, පොල් තෙල් බෝතල්, කිරි බෝතල් ඇතුළු ගොවිපොළේ නිෂ්පාදිත රුපියල් ලක්ෂයකට ආසන්න බඩු බාහිරාදිය පැහැර ගෙන ගොස් ඇති බවය. ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර ඇතුළු කණ්ඩායමේ ඊළඟ අවධානය යොමු වූයේ කිරිහල අවට ස්ථාපිත සී.සී.ටී.වී. වෙතය. එය විමර්ශනයට මහඟු පිටිවහලක් විය. එම රූප රාමු සෝදිසි කිරීමේදී ඊට පෙරදින රාත්‍රී දොළහට පමණ සිදු වූ හොරකමේ සියලු තොරතුරු එහි සටහන් වී තිබුණේය.
පුද්ගලයන් දෙදෙනකු එම කිරිහලට පැමිණෙන අයුරුත් ඒ වන විට එහි මුරකරු කිරිහල අසල මේස දෙකක් එකට යා කොට එහි නිදා සිටින අයුරුත් පැමිණි පුද්ගලයන් ඔහු සමග පොර බදිමින් මුරකරු පොරවා සිටි ඇඳ ඇතිරිල්ලෙන් ඔහුගේ අතපය හා මුහුණ වසා තද කරන අයුරුත් එම කැමරාවල පැහැදිලිව සටහන් වී තිබිණි.පසුව ඔවුන් කිරිහලට ඇතුළු වීමට උත්සාහ කරද්දී අතපය සිතා දමා තිබු මුරකරු යළි කෑගසන අයුරුත් පසුව නැවත දෙදෙනාමු පැමිණ ඇඳ ඇතිරිල්ලෙන් ඔහුගේ මුහුණ තද කරන අයුරුත් එහි සටහන් වී තිබිණි.
එමෙන්ම ඉන් අනතුරුව දෙදෙනාම එක්ව මුරකරු කිරි හලට පහළින් ඇති බෑවුම් ප්‍රදේශයට ඔසවාගෙන ගොස් දමන අයුරු ද එම රූප රාමුවල දිස් විය. ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වුවද කොල්ලයට පැමිණි පුද්ගලයන් දෙදෙනා කාගේ කවුද යන්න අනාවරණය නොවීය. ඒ අතර සිද්ධියෙන් මියගිය මුරකරු සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද පොලිසියට ලැබුණේය. ඔහු හුස්ම හිර වීමෙන් මිය ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් විය.විමර්ශන ඇරැඹූ නිලධාරීන් කිර්හගේ මුරකරු මරා එහි තිබූ බඩු බාහිරාදිය කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ රුව සහිත සී.සී.ටී.වී. රූප රාමු ඒ අවට පදිංචිකරුවන්ටත්, මත්කුඩු ලෝලීන්ට සහ විවිධ පුද්ගලයන්ට පෙන්වමින් ඔවුන්ගෙන් තොරතුරු හෝ හදුන ගැනීමට දැඩි උත්සාහයක් ගත්තේය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක් සහිත සී.සී.ටී.වී. කැමරා රූප රාමුද රූපවාහිනී ප්‍රවෘත්ති හරහා විකාශනය විය.ඒ අතර එම ප්‍රවෘත්ති නැරැඹූ පුද්ගලයකු ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා හමුවි පවසා ඇත්තේ සී.සී.ටී.වී. රූප රාමුවල සටහන් වී ඇති පුද්ගලයන් දෙදෙනාට සමාන රුව ඇති දෙදෙනකු සිද්ධියට පැය කිහිපයකට පෙර උසාවිය අසල තේ කඩයකට පැමිණි තේ පානය කළ බවය. ඒ අනුව ස්ථානාධිපතිවරයා දඹුල්ල උසාවිය අසල එම තේ කඩයට ගොස් තොරතුරු දුන් පුද්ගලයා හමු වී තවදුරටත් විස්තර විමසා ඒ ඔස්සේද විමර්ශන ඇරැඹු අතර එහිදී ස්ථානාධිපතිවරයාට පෙනී ගියේ සී.සී.ටී.වී. රූප රාමුවල සිටින පුද්ගලයන් දෙදෙනාත් කඩෙන් තේ පානය කළ දෙන්නාත් එකම අයවලුන් බවය.
සර් මේ දෙන්නා පයින් තමයි කඩයට ආවේ. මම හිතන විධියට මේ පැත්තේ උන් දෙන්නෙක් වෙන්න ඇති " ස්ථානාධිපතිවරයාටද ඒ සැකය ඇති විය.ඒ අනුව නිලධාරීන් එම සී.සී. ටී. වී. රූප රාමු එම ප්‍රදේශයේ පුද්ගලයන්ට පෙන්වමින් පුද්ගලයන් හඳුනා ගැනීමට වෙර දැරිය. ''සර්... ඔය පින්තූර වල ඉන්න එකෙක් තමයි මංජු කියන්නේ. මිනිහා කුඩු ගහන එකෙක්. සොරකම් වලටත් සම්බන්ධයි'' මිනිහා කොහේද ඉන්නේ" තොරතුර දුන් පුද්ගලයා මංජු පදිංචිව සිටින තැනද කීවේය. ''ඔකා ඉන්ගේ අමීමත් එක්ක නිලධාරීන් සැකාර මංජුගේ නිවෙස සොයා ගියේය. ඒත් මංජුල නිවෙසේ නොවීය. නිලධාරීන් ඔහුගේ මවගෙන් මංජු ගැන විමසුවේය. ''සර්.. මංජු මගේ පුතා තමයි. ඊයේ රෑ එයා තව කවුද කෙනෙක් එකක මෙහෙ ආවා. ඇවිත් රැම යන්න ගියා”
මවගේ ප්‍රකාශයෙන් නිලධාරීන්ට මංජු ගැන තිබූ සැකයද වැඩි විය. නිලධාරීන් මංජු සොයා විමර්ශන ඇරැඹු වේ. එතැන් පටන්ය.එහෙත් මංජු සොයා ගැනීම එතරම් පහසු නොවීය. වැඩිදුරටත් කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ මංජු වෙනත් වරදකට අවිස්සාවේල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඒ වන විටත් කුරුවිට බන්ධනාගාරයේ රඳවා ඇති බවය..
පසුව තවදුරටත් ඔහු සම්බන්ධයෙන් කළ විමසීමේදී මංජු ඇප ලබා ගැනීමට මුදල් නොමැති වි සිත බන්ධනාගාර ගතව සිටින බවටද තහවුරු විය. පසුව ඔහු සමබන්ධයෙන් දැඩි අවධානයෙන් සිටීමෙන් පසු ඇප මත නිදහස්ව බන්ධනාගාරයෙන් පිටතට පැමිණී මොහොතේදී නිලධාරීන් ඔහු කුදලා ගත්තේය.
පසුව ගලේවෙල පොලිසියට රැගෙන ගිය මංජුගෙන් නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. " මම ඒකව දන්නේ නැහැ. තොටළඟදී කුඩු ගහන්න ගිහින් තමයි මට පොරව සමීඛ වුණේ සර්, '' මංජු පොලිසිය හමුවේ කීවේය.
"කෝ උඹලා කිරිකඩේ කඩලා අරගෙන ගිය බඩු''
''සර්... අපි ඒකේ තිබුණ පැණි. නෝතල්, කිරි තල්, කිරිහොරි, පොල්තෙල් බෝතල් තමයි පෝර උර දෙකක දාලා අරගෙන ගිහින් තොටළඟ පේමන්ට් එකේ දාලා විකිණුවා. ඒවයින් හම්බ වුණු සල්ලිවලින් අයිස්, ගැහැව්වා '' කෙසේ වෙතත් සකකරුගේ ප්‍රකාශය මත ඔහු සමඟ සොරකමෂ්ට ගිය අනෙක් පුද්ගලයාගේ නම් ගම් පොලිසියට අනාවරණය නොවූ අතර එම පුද්ගලයා තොටළඟ පදිංචිකරුවකු යැයි පොලිසිය සැක කළේය.වෙනක් පොලිසියක රාජකාරි කල සැරයන් අජිත් ලාල් නිශාන්ත (58833) ගලේවෙලට ස්ථාන මාරුවක් ලැබ පැමිණියේ ඔය අතරය, ඔහුගේ හැකියාවන් පිළිබද අවබෝධයක් ස්ථානාධිපතිවරයාට තිබිණි. ඔහු අනෙත් සැකකරු සොයන රාජකාරීය සැරයන් නිශාන්තට පැවැරුවේ ඉන් පසුවය.
සැරයන් නිශාන්ත සැකකාර පුද්ගලයා සොයා තොටළඟට ගියේ සී.සී.ටී.වී. කැමරා රූප රාමුද සමඟය. එම රූප රාමු තොටළඟ පදිංචිකරුවන් මෙන්ම ග්‍රාම සේවක වෙතද ඉදිරිපත් කරමින් රූප රාමුවල සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනීමට සැරයන්වරයා වෙහෙසුණේය. එම සී.සී.ටී.ටී. රූප රාමු තොටළඟ ප්‍රදේශයේ කුඩු තිප්පොළවල කුඩු පානය කරන්නවුන්ටද පෙන්වීමට සැරයන්වරයා අමතක කළේ නැත. මෙලෙස තොරතුරු සොයමින් සිටියදී තොටළඟ පදිංචි කාන්තාවක් සැරයන්වරයාට මෙසේද කියා තිබුණේය.
''සර් ඕකුන් මම දන්නවා. උන් ඇවිල්ලා පැණි බෝතල්, කිරි බෝතල් වික්කා, අර පරණ ටොයිලට් එකේ තමයි කුඩු ගහන්නේ, එතැනට ගියා නම් තව විස්තර දැන ගන්න පුළුවන්''එම තොරතුරුද සමඟ ගිය සැරයන්වරයා ප්‍රදේශයේ ග්‍රාමසේවක හමුදා තන් සොයාගත් තොරතුරු ඔහු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා "සුරේෂ් " නමැත්තකු බවට තහවුරු කර ගත්තේය.
ඉන් අනතුරුව වසර දෙකකට වැඩි කාලයක්ම සැරයන්වරයා සුරේෂ් පසුපස ඉව ඇල්ලීය. වරෙක ලද තොරතුරට අනුව සැරයන්වරයා කටුගස්තොටට ගියේය. තවත් වරෙක සුරේෂ් රංවල ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව සැරයන්වරයා රංවලට ගියේය. මෙලෙස ගම් ගණනාවකට ගිය සැරයන්වරයාට ඉකුත් සතියේ තවත් තොරතුරක් ලැබුණේය. ඒ සුරේෂ් නමැත්තා දරුවන් සිවු දෙනෙකු සිටින කාන්තාවක් සමග විවාහ වී බඩල්ගම් ප්‍රදේශයේ ජීවත්වන බවය. සැරයන්වරයා බඩල් ගමට ගොස් සුරේෂ් සෙවීය. ග්‍රාම සේවකද හමුවිය. ඔහුගෙන්ද තොරතුරු ලබා ගත්තේය. එහිදී තවත් තොරතුරක් ලැබිණි. ''සර් ඔය ගෑනි ළමයි හතර දෙනාම එයාගේ අළම ගාව දාලා කටුකෙන්ද පැත්තේ පොල් මෝලක වැඩ කරනවා. ඔය මිනිහත් එක්ක.” තොරතුර ලද සැරයන්වරයා කටුකෙන්දට ගොස් සුරේෂ් ගැන තොරතුරු සෙවීය. දරුවන් පාසල් නොයෑම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සුරේෂ් සමග සබඳ කමක් පවත්වන කාන්තාව ග්‍රාම සේවකවරයා හමුවිමට එන බවට සැරයන්වරයාට තොරතුරක් ලැබිණි.
සැරයන්වරයා එහි ගියේ පරිවාස නිලධාරියකු ලෙස වෙස් වලාගෙනය. එහිදී දරුවන්ගේ මව් හමු වූ පරිවාස නිලධාරීන් වෙස්ගත් සැරයන් වරයා තොරතුරු ලබා ගැනීමේ මුවාවෙන් ඇය සමගම සුරේෂ් ළඟටම ගියේය. සුරේෂ් කොටුවුයේ එලෙස ඒ මුරකරු මරා වසර දෙකහමාරකට පසුවය. අත්අඩංගුවට පත්ව පුද්ගලයා ටයිල් බාස් කෙනෙකු ලෙස රැකියාව කල අයෙකි. (කීර්ති මෙන්ඩිස්)