ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් ‘වරාහ’ (ICGS Varaha) සහ ‘අතුල්‍ය’ (ICGS Atulya) යන නෞකා ද්විත්වය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
දිගින් මීටර් 96.2ක් වන ‘වරාහ’ නෞකාව මෙරට මුහුදු සීමා නිරීක්ෂණය සඳහා යොදාගන්නා ප්‍රබල මට්ටමේ යාත්‍රාවක් වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කොමන්ඩන්ට් අශ්විනී කුමාර් කටයුතු කරනු ලබයි. මීටර් 50ක දිගකින් යුත් වේගවත් මුර සංචාරක යාත්‍රාවක් වන ‘අතුල්‍ය’ නෞකාව කොමන්ඩන්ට් අනිට් කුමාර් මිශ්‍රාගේ අණදීම යටතේ මෙරටට පැමිණ තිබේ.
මෙම නිල සංචාරය අතරතුර ඉන්දීය වෙරළාරක්ෂක නෞකා කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ ඒකාබද්ධ අභ්‍යාස මාලාවකට සහභාගී වීමට නියමිතව ඇති අතර එමඟින් දෙරටේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.