house-in-thalangama

තලංගම, පරණ බටපොත මාර්ගයේ පිහිටි දෙමහල් නිවසක් තුළදී පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබියදී අද (12) පෙරවරුවේ සොයාගත් බව තලංගම පොලිසිය පවසයි.




මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72ක් වූ රජයේ මුද්‍රණාලයේ සේවය කර විශ්‍රාම ලැබූ ආරක්ෂක නිලධාරියෙකි. මොහු විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ද පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අදාළ දෙමහල් නිවසේ ඉහළ මාලය කුලී පදනම මත බාහිර පුද්ගලයින් පිරිසකට ලබා දී තිබී ඇති අතර, ඔවුන්ට නිවසේ පහළ මාලයෙන් ඇසුණු හදිසි ශබ්දයක් හේතුවෙන් පහළට පැමිණ පරීක්ෂා කර ඇත. එහිදී නිවෙස් හිමිකරු මුනින් අතට ලේ විලක් මැද වැටී සිටිනු දැක ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.




මෙම ඝාතනය කවර හේතුවක් මත සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

news-2026-01-12-100707

news-2026-01-12-100707

news-2026-01-12-100707