හොරණ, ඉළිඹ මංසන්ධිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ බරපතල රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි එකිනෙකා පරදවමින් තරගයට ධාවනය වූ බව කියන යතුරුපැදි දෙකක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ එක් යතුරුපැදි ධාවකයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව එලෙස මියගොස් ඇති අතර, අනතුරට ලක්වූ අනෙක් යතුරුපැදිකරු සහ මෝටර් රථයේ ගමන් කළ තවත් තරුණයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අදාළ අනතුර සිදුවන අවස්ථාව අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර, එම දර්ශන පදනම් කරගෙන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
