රජයේ විකිරණ තාක්ෂණවේදීන් එළඹෙන බදාදා (21) දින දිවයින පුරා පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙම වැඩවර්ජනය එදින පෙරවරු 8.00ට ආරම්භ වීමට නියමිත බව ද එම සංගමය සඳහන් කරයි.
මාලිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු, ඩයලයිසිස් සහ බද්ධ කිරීමේ ආයතනයේ මතුව ඇති ගැටලුවක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම මෙම ක්‍රියාමාර්ගයට හේතුව බව සංගමය වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට මීට පෙර ලිඛිතව දැනුම් දී තිබුණ ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද එම සංගමය පෙන්වා දෙයි.
