අද උදෑසන ඇල්පිටිය මූලික රෝහලේ තුන්වන මහලෙන් බිමට පැන පුද්ගලයකු සිය දිවි හානිකරගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. මියගොස් ඇත්තේ කරන්දෙණිය, කොස්වතු මානාන ලිපිනයේ පදිංචි 83 හැවිරිදි එච්.ඒ.
අසෝක කුලරත්න නම් පියකු බවට පොලිසිය අනාවරණය කර ඇත.රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම 83 හැවිරිදි පියා මුත්‍රා ආබාධයක් හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබා ඇත. පසුව ඔහු සුවය ලබා, රෝහලෙන් පිටවීමට ටිකට් කපා තිබූ අතර,
නිවසට රැගෙන යාමට පවුලේ සාමාජිකයන් පැමිණෙන තෙක් රෝහලේ රැඳී සිටියේය. අද උදෑසන ඔහු රෝහල් වාට්ටුවේ ජනේලයකින් බිමට පැන මෙලෙස සිය දිවි හානිකරගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.