after-the-change-of-medical-superintendent-the-strike-of-doctors-in-nengehara-is-over

නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වර්ජනය අද (22) දහවල් 2.00 ට අවසන් කෙරිණි.




මෙම වර්ජනය ඇරඹී තිබුණේ අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට එරෙහිව එල්ල වී තිබූ පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා චෝදනා හේතුවෙනි. වෛද්‍ය සංගමය ඉල්ලා සිටියේ අදාළ වෛද්‍ය අධිකාරිවරයාව තනතුරෙන් ඉවත් කර ඒ සඳහා නව අධ්‍යක්ෂවරයෙකු පත් කරන ලෙසයි.

ඒ අනුව, චෝදනාවන්ට ලක්වූ එම වෛද්‍ය අධිකාරිවරයාව වහාම එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කිරීමත් සමඟ වර්ජනය අවසන් කිරීමට වෛද්‍ය සංගමය එකඟ වී ඇත.




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.