the-mother-died-after-throwing-the-child-into-the-well

දින දහනවයක් වයසැති බිළිඳකු ළිඳකට වැටී මියයාම සම්බන්ධයෙන් ඔහුගේ මව සැකපිට ගිරිඋල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට අදාළව නාරංගමුව, හමන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.




මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඉංජිනේරුවරයකු වන සැමියා සමඟ මෙම උපාධිධාරිණිය යහපත් පවුල් ජීවිතයක් ගත කර ඇති බවයි. දරුවා බිහි කිරීමෙන් පසු ඇය නිවසට පැමිණ සිට ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

සිද්ධිය වූ අවස්ථාවේ යුවළ සහ දරුවා නිවසේ රැඳී සිට ඇති බවද පොලිසිය පවසයි. කිසියම් හඬක් ඇසීමෙන් සැමියා අවදි වී බලන විට දරුවා ළිඳට වැටී සිට ඇති බවත්, ළිඳට වැටුණු බව කියන බිරිඳ එහි තිබූ බටයක ආධාරයෙන් ගොඩට පැමිණ ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී තිබේ.




දරුවා බිහි කිරීමෙන් පසු ඇතිවන බව කියන 'වැදූ ගෙයි සන්නිය' නැමති මානසික තත්ත්වයට පත්ව මෙම කාන්තාව දරුවා සමඟ ළිඳට පැනීමක් සිදුකර ඇත්දැයි පොලිසිය සැක කරයි. එසේම, මෙම යුවළ අතර කිසිදු ආරවුලක් හෝ ගැටුමක් කිසි කලෙක වාර්තා වී නොමැති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබීම විශේෂත්වයකි.