making-a-high-court-judge-the-additional-secretary-of-the-ministry-of-justice-is-detrimental-to-the-dignity-of-the-judiciary

මහාධිකරණ විනිසුරුවරයකු අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම අධිකරණයේ ගෞරවයට විශාල හානියක් මෙන්ම භයානක පූරිවාදර්ශයක් බව හිටපු අමාත්‍ය, මහාචාරිය ජී.එල්. පීස් මහතා ඊයේ (21) පැවසීය.ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල ආචාර්ය ඇන්.ඇම්.

පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (21) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එසේ කීය.




විධායකය එම කළ පත්කිරීමෙන් විනිශ්චයකාරතුමා දැඩි අපහසුතාවට පත්කළ අතර අධිකරණයේ ගෞරවය.තෙජස් සහ ස්වාධීනීත්වයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බවත් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය උපරිම ප්‍රමාණයෙන් ඉදිරිපත් වන බවත් ඔහු පැවසීය.ජනතාව සීමිත කාලයකට බලය ආණ්ඩු දෙන වරප්‍රසාදයක් නොවන බවද කවුරුන් බලයට ආව ද චිරාත් කාලයක් ආරක්‍ෂා කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.ප්‍රජාතන්ත්‍රවාදය තුළ අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම උසාවියට ගොස් යුක්තිය ලබාගැනීමේ අයිතිය ඕනෑම පුරවැසියකුට තිබෙන බව කී ජී.එල් පීරිස් මහතා පැවසුවේ ආණ්ඩුවට විරුද්ධ නඩුවක දී ආණ්ඩුවේ උසස් නිලධාරියකු නඩු ඇසුවහොත් අපක්‍ෂපාතී නොවී පරස්පරයක් ඇතිවිය හැකි බවත්ය.

දේශපාලන පක්‍ෂ නායකයන් රටේ ආරක්ෂාවට වැඩ පිළිවෙළකට අවතීර්ණවීමේ වැදගත්කම පසුගියදා මහනුවරදී මහනායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ අවධාරණය කළ බවත් ඒ අනුව විධායකය කළ මෙම පත්කිරීමට විරුද්ධව ඉතාම තියුණු ප්‍රබල ජන මතයක් නිර්මාණ කිරීමට දේශපාලන නායකයන් වෙන වෙනම මුණගැසීමට බලාපොරොත්තු වන බවත් පීරිස් මහතා සඳහන් කළේය. මහාධිකරණ විනිශ්චකාර එම්.පි.ටී. බණ්ඩාර මහතා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට පත්කර ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාවේ.




ලේකම්තුමා සියලුම අධිකරණ නිලයන් සඳහා නිවේදනයන් නිකුත් කරමින් පසුගියදා දැනුම් දුන් බවත් ඕනෑම විනිශ්චකාරවරයකුට අධිකරණ අමාත්‍යාංශය සමග කිසියම් ගනුදෙනුවක් තිබේ නම් යම් සේවයක් හෝ උපකරණ අවශ්‍යතාවක් තිබේ නම් වෙන කිසිවකු නොව එම්.පී.ටී. බණ්ඩාර විනිශ්චකාරතුමා ඇමතිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් කර ඇති බවත් පීරිස් මහතා කීය.

අධිකරණ අමාත්‍යාංශයේ වෙනත් කිසියම් නිලධාරියකුට ලිපියක් යොමු කරන්නේ නම් අනිවාර්යයෙන්ම එම ලිපියේ පිටපතක් එම්.පී.ටී. බණ්ඩාර මහාධිකරණ විනිසුරුතුමාට යැවිය යුතු බව කී ජි.එල්. පීරිස් මහතා මෙම තත්වය සම්පූර්ණයෙන්ම විකෘතියක් හැටියට දකින බව ද පැවසීය.මහාධිකරණයේ නඩු අහන විනිශ්චකාරවරයකු රජයේ ඉතාම උසස් මෙන්ම විධායක මට්ටමේ පරිපාලන තනතුරකට පත්කර ඇති බවත් එම විනිශ්චකාරවරයා නඩු අහන විට පුරවැසියා සහ පුරවැසියා අතර යුක්තිය ඉටුකිරීම සහ පුරවැසියා සහ රජය අතර යුක්තිය ඉටුකිරීමට සිදුවන බවත් ඔහු කීය.



පුරවැසියකු රජයට විරුද්ධව දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ අවස්ථාවක දී අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා, රජයේ නිලධාරියකු එම නඩුව අහන බව කී පීරිස් මහතා පැවැසුවේ යුක්තිය පසිඳලීමේ දී ඉතාම වැදගත් මූලධර්මයක් වන සම්පූර්ණම අපක්ෂපාතීභාවය මෙන්ම එසේ අපක්‍ෂපාතීව එම කටයුතු සිදුවන්නේ යැයි තුළ සැකයෙන් තොරව දැඩි විශ්වාසයක් තහවුරු වියයුතු යන්න බිඳ වැටෙන බව ද ප්‍රකාශ කළේය.සමාජය මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසුවේ මාලිමා ආණ්ඩුවේම පිරිසක් නීතිපතිවරයාට උද්ඝෝෂණය විරෝධතාවක් එරෙහිවී කරමින් යන බවත් වර්තමාන ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රහාරයක් එල්ල සිටින බවත්ය.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන් විපක්‍ෂයේ සිටියදී ඒකාධිපතියන් යැයි පැවසූ හිටපු කිසිදු පාලකයකු නීතිපතිවරයාට නොතැබූ බව කී ගම්මන්පිල මහතා වර්තමාන ආණ්ඩුව අධිකරණය මාලිමාකරණයට ලක්කිරීමට උත්සාහ කරන බව ද පැවසීය.මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් සහභාගි වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් පැවසුවේ ජනතාවට තවත් වසර 4 ක් වර්තමාන ආණ්ඩුවේ බොරුවට මුහුණදීමට සිදුවන බවත් මෙම ආණ්ඩුව පෙරළීමේ කිසිදු අදහසක් විපක්ෂයට නොමැති බවත්ය.