දිවා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 646 දෙනකු අතරින් 634 දෙනකු මරණ වන්දි ලබා ගැනීම සදහා සුදුසුකම් ලබා ඇති අතර, ඉකුත් 16 වැනිදා වන විට ඉන් 246 දෙනකුට රුපියල් 17,41,00,010 ක මුදලක් වන්දි ලෙස ලබා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පැවසීය.
වන්දි දුන් ප්‍රතිශතය සියයට 38.80ක් වන අතර, තවත් 388කට මරණ වන්දි ලබා දීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය. ඇතැම් පුද්ගලයන්ගේ මරණ සඳහා වන්දි ලබා දීමට සුදුසුකම් ලැබූ පුද්ගලයන් නොමැති වීම ඇතුළු කරුණු කිහිපයක් මත කිහිප දෙනකු චන්දි ලබාදීමට නොහැකි බවද ඔහු කීවේය.
මේ අතර, පූර්ණ නිවාස හානි සඳහා ප්‍රතිලාභීන් 93 දෙනකුට රුපියල් කෝටි 186 ක් සහ අර්ධ නිවාස හානි සඳහා ප්‍රතිලාභීන් 1040 දෙනකුට රුපියල් 6,28,84,497 ක මුදලක් ලබා දී තිබෙන බවද ඔහු කීවේය.දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් දරුවන්ගේ පාසල් උපකරණ සඳහා ලබා දෙන රුපියල් 15,000 මුදල ලැබීමට ළමයින් 1,95,241ක් සුදුසුකම් ලබා ඇති අතර, ඉකුත් 16 වැනිදා වන විට ඉන් ළමයින් 1,38,680කට ප්‍රතිලාභ ගෙවා අවසන් බවද, එහි ප්‍රතිශතය සියයට 71.03ක් බවද ධර්මතිලක මහතා කීවේය. මේ අතර, නිවාස යථාවත් කිරීමට ලබා දෙන රුපියල් 25,000 ක දීමනාව ලබා ගැනීම සඳහා පුද්ගලයන් හාරලක්ෂ විසි අට දහස් අසූ හතරක් (4,28,084) සුදුසුකම් ලබා ඇති අතර, ඉන් හාරලක්ෂ දාසය දහස් තුන්සිය දහයකට (4,16,310) එම මුදල ගෙවා අවසන් කර ඇති බවත් එහි ප්‍රතිශතය සියයට 9724ක් බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර, නිවාස යථාවත් කිරීමට ලබා දෙන රුපියල් 50,000ක මුදල ලබා ගැනීමට පුද්ගලයන් එක් ලක්ෂ දාසය දහස් හාරසිය හැත්තෑ එකක් (1,60,471) සුදුසුකම් ලබා ඇති අතර, ඉන් එක්ලක්ෂ අනූ නව දහස් දොළොස් දෙනකුට (1,99,012) ප්‍රතිලාභ ලබා දී ඇති බවත් එහි ප්‍රතිශතය සියයට 68.49ක් බවත් ඔහු පැවසීය.
