egodauyana-traffic-oic-who-was-on-a-motorcycle-collided-with-a-bicycle-and-died

මොරටුව, එගොඩඋයන පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති නිශාන්ත රෝහණ ද සොයිසා මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු ධාවනය කරමින් සිටි යතුරුපැදිය පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.




මෙම අනතුර පසුගිය 26 වැනිදා රාත්‍රී 7.00ට පමණ සිදුවී ඇති අතර, ඒ මහතා සිය රාජකාරි කටයුතු නිමවා සුපුරුදු පරිදි නිවස බලා යමින් සිටියදී මොරොන්තුඩුව, කන්දකඩේ ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඉදිරියෙන් ගමන් කරමින් තිබූ පාපැදියක ඒ මහතා ගමන් ගත් යතුරුපැදිය ගැටී ඇති බවයි. අනතුරින් යතුරුපැදිය පෙරළී ගොස් ඒ මහතා එම ස්ථානයේ මාර්ගය මත ඇද වැටී ඇත.

egodauyana-traffic-oic-who-was-on-a-motorcycle-collided-with-a-bicycle-and-died