නීතිවිරෝධී ලෙස විදේශයකින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ පක්ෂීන් 237 දෙනෙකු රැගත් ඩිංගි යාත්‍රාවක් සහ ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පෙරේදා (14) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ යාපනය කච්චතිව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 25ත් 41ත් අතර වයසේ පසුවන යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පක්ෂීන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.