schoolboy-electrocuted-to-death-while-checking-on-stopped-water-motor

තමන්ගේ නිවසේ ජල මෝටරය ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය පරීක්ෂා කරමින් සිටියදී විදුලි සර වැදීමෙන් දොළොස් හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කින්නියා පොලීසිය ප්‍රකාශ කරයි. මෙම සිසුවා පෙරේදා (14) රාත්‍රියේ කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කින්නියා, කාකමුනේ පදිංචිව සිටි කාකමුණේ රජයේ මිශ්‍ර පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අබ්දුල් කාදර් සාදික් නම් දරුවෙකි.

මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ක්‍රියා විරහිතව තිබූ ජල මෝටරය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේදී සිසුවාට විදුලි සර වැදී ඇති බවයි.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ කින්නියා පොලිස් ස්ථානාධිපති ඩබ්.එච්.සී.කේ. ප්‍රනාන්දු මහතා, මරණයට හේතුව නිශ්චය කිරීම සඳහා මෘත ශරීරය ත්‍රිකුණාමල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත. සිද්ධිය පිළිබඳව කින්නියා පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

student-electrocuted-water-motor