බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන (ABC) විද්‍යුත් ගේට්ටු (e-gates) අද (28) දින සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ප්‍රධාන ආගමන හා විගමන නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද සිට විද්‍යුත් ගේට්ටු හතරක් ක්‍රියාත්මක වීමට නියමිත බවයි.
මෙම ව්‍යාපෘතිය, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ජපාන රජය සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) යන ආයතනවල සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන වෑයමකි.
නව විද්‍යුත් ගේට්ටු මගින් ගුවන්තොටුපොළේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බව ජූඩ් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම නව මුලපිරීම ක්‍රියාත්මක වන්නේ, ජපාන අරමුදල් යටතේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක කොටසක් ලෙසය. විශේෂයෙන්ම නිරිතදිග ආසියාවේ බෝවන රෝග තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා දේශසීමා පාලන ධාරිතාවන් ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.