a-person-was-killed-in-a-shooting-in-ambalangoda

අම්බලන්ගොඩ, ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක පැවැති සාදයක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ නිවසට යාබදව පිහිටි කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.




ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තිස් හැවිරිදි පුද්ගලයෙකු වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තද, ඔහු එහිදී මියගොස් ඇති බව වාර්තා වේ. මෙම ඝාතනය සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

a-person-was-killed-in-a-shooting-in-ambalangoda