අඟුලාන සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ පිහිටි විදුලි සෝපාන පාලන කාමරයකින් කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
මෙම මළසිරුර හමුවී ඇත්තේ, නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයක් අතරතුරදී බව වාර්තා වේ.
මියගිය කාන්තාව කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවට මේ වන විට හඳුනාගෙන තිබේ. මෙම ඝාතනය ඇයගේ පෙම්වතා විසින් සිදුකර පලා ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.
වාර්තා වන අන්දමට, ඔවුන් දෙදෙනා අතර නිතර ආරවුල් පැවති ඇති අතර, ඒ සම්බන්ධයෙන් මියගිය තරුණියගේ දෙමව්පියන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති බවද සඳහන් වේ.
සිද්ධියට අදාළව අඟුලාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.