80-lives-are-saved-by-the-skill-of-the-driver-in-talawakela

ගිනිගත්හේන පොලිසිය පවසන පරිදි, තිරිංග ක්‍රියා විරහිතවීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගිය බස් රථයක් පස් කන්දක ගැටීමට සලස්වා නතර කර, සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගැනීමට රියදුරකු සමත් වී ඇත. මෙම බස් රථය තලවකැලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් එකකි.




මෙම සිදුවීම අද (26) දින අලුයම 5:30ට පමණ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල මහ වංගුව ප්‍රදේශයේදී වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස් රථයේ රියදුරු, තිදරු පියකු වන මහේෂ් සුදර්ශන් (49) මහතා සඳහන් කළේ, බස් රථය වංගුවක් ගැනීමට උත්සාහ කරද්දී පාලනය කර ගැනීම සඳහා දෙවන ගියරයට මාරු කළ බවයි. එම මොහොතේදී තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වූ බැවින්, තම අත්දැකීම් සහ අත්තිරිංගය (Handbrake) භාවිත කරමින් බෑවුම් සහිත මාර්ගය අසල වූ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ගැනීමට හැකි වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ 80 දෙනෙකු පමණ සිටි අතර, ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැත. පසුව රියදුරු සහ කොන්දොස්තරවරයා එක්ව මගීන් වෙනත් බස් රථයකින් ගමනාන්තය වෙත පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.

80-lives-are-saved-by-the-skill-of-the-driver-in-talawakela

80-lives-are-saved-by-the-skill-of-the-driver-in-talawakela

80-lives-are-saved-by-the-skill-of-the-driver-in-talawakela