මේ තියෙන්නේ ඒ රහස් ක්‍රම 8:
1. Ikigai (ඉකිගායි): ජීවත් වෙන්න හේතුවක් හොයාගන්න
කම්මැලිකම නැති කරගන්න මුලින්ම ඕන වෙන්නේ අරමුණක්. "ඉකිගායි" කියන්නේ සරලවම "උදේට ඇහැරෙන්න හේතුවක්" කියන එකයි. මේක කොටස් හතරක එකතුවක්:
ඔයා ආස කරන දේවල්.
ඔයා දක්ෂ දේවල්.
ලෝකෙට අවශ්‍ය දේවල්.
ඔයාට මුදල් උපයන්න පුළුවන් දේවල්.
මේ හතර එකතු වුණාම ඔයාට ජීවිතේ ගැන ලොකු අරමුණක් ලැබෙනවා. එතකොට වැඩ කරන එක වදයක් නෙවෙයි, සතුටක් වෙනවා. ඔයා ඇත්තටම ආස මොනවටද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
2. Kaizen (කයිසෙන්): පොඩි වෙනස්කම්වල බලය
එකපාර ලොකු ගේම් ගහන්න යන්න එපා. කයිසෙන් කියන්නේ දවසට 1%ක් වත් දියුණු වෙන එකටයි. අවුරුද්දක් යනකොට ඒ පොඩි දියුණුව එකතු වෙලා ඔයා හිතනවට වඩා ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ලොකු වැඩක් දැක්කම බය හිතිලා කම්මැලි හිතෙනවා නම්, ඒක පොඩි කෑලිවලට කඩාගන්න. විනාඩි 5ක් විතරක් ඒ වැඩේ කරන්න ගන්න. එතකොට ඉබේම වැඩේ කෙරෙනවා.
3. Shoshin (ෂෝෂින්): ආධුනිකයෙක් වගේ හිතන්න
අපි හුඟක් වෙලාවට හිතන්නේ "මම ඕක දන්නවා" කියලානේ. එහෙම හිතුවම ඉගෙන ගන්න ආසාව නැති වෙනවා. ෂෝෂින් කියන්නේ "ආධුනිකයෙකුගේ මනසින්" දේවල් දිහා බලන එකයි. පොඩි ළමයෙක් අලුත් දෙයක් දිහා බලනවා වගේ කුතුහලයෙන් (Curiosity) වැඩ දිහා බලන්න. "මට මේක පුළුවන් වේවිද?" කියලා බය නොවී, අලුත් දෙයක් ඉගෙන ගන්න ආසාවෙන් වැඩ පටන් ගන්න. එතකොට කම්මැලිකම පැත්තකට විසි වෙලා යයි.
4. Hara Hachi Bu (හරා හචි බු): බඩ පැලෙන්න කන්න එපා!
මේක ටිකක් වෙනස් ක්‍රමයක්. මේකෙන් කියන්නේ බඩගින්න 80%ක් පිරුණම කන එක නවත්තන්න කියලයි. බඩ පැලෙන්න කෑවම අපිට නිදිමත හැදෙනවා, ඇඟට පණ නැති ගතියක් එනවා. එතකොට වැඩ කරන්න කම්මැලි හිතෙනවා. කෑම කාලා ඉවර වෙලා Active විදියට ඉන්න නම්, බඩ ටිකක් හිස්ව තියාගන්න. එතකොට දවසම ප්‍රබෝධයෙන් වැඩ කරන්න පුළුවන්.
5. Shinrin-Yoku (ෂින්රින්-යොකු): සොබාදහම එක්ක ඉන්න
මේකට කියන්නේ "Forest Bathing" කියලා. ඒ කියන්නේ කැලේ නාන එක නෙවෙයි, ගස් කොළන් එක්ක නිදහසේ කාලය ගත කරන එක. ඔයාට මහන්සියි වගේ නම්, ස්ට්‍රෙස් (Stress) වගේ නම් එළියට බැහැලා ගස් ටිකක් දිහා බලාගෙන ඉන්න, හුළං වැදෙන්න දෙන්න. මේකෙන් ඔයාගේ මනස නිවෙනවා විතරක් නෙවෙයි, ආයේ වැඩ කරන්න අලුත් ගැම්මක් (Motivation) ලැබෙනවා.
6. Wabi-Sabi (වබි-සබි): අඩුපාඩු තිබුණට කමක් නෑ
ගොඩක් වෙලාවට අපි වැඩක් පටන් ගන්නේ නැත්තේ ඒක Perfect විදියට කරන්න ඕන නිසා. "වබි-සබි" කියන්නේ අසම්පූර්ණ දේවල් වලත් ලස්සනක් තියෙනවා කියන එකයි. හැමදේම 100%ක් හරියට කරන්න බලාගෙන ඉන්න එපා. අඩුපාඩු එක්ක වුණත් වැඩේ පටන් ගන්න. "Done is better than perfect" (වැඩේ නොකර ඉන්නවට වඩා, අඩුපාඩු එක්ක හරි ඉවර කරන එක වටිනවා) කියන එක මතක තියාගන්න.
7. Ganbaru (ගන්බරු): උපරිම උත්සාහය
මේකෙන් කියන්නේ නිකන්ම උත්සාහ කරන එක නෙවෙයි, තමන්ට පුළුවන් උපරිම වෙර යොදලා වැඩ කරන එකයි. කොච්චර අමාරු වුණත් වැඩේ අතාරින්නේ නැතුව කරගෙන යන එකට ජපන් අය හරිම ගරු කරනවා. වැඩේ අමාරුයි කියලා නිකන් ඉන්න එපා. කම්මැලිකම කඩාගෙන, දත කාගෙන වැඩේට බහින්න.
8. Gaman (ගමන්): ඉවසීමෙන් දරාගැනීම
මේක තමයි මේ හැමදේකම යතුර. "ගමන්" කියන්නේ කොච්චර අමාරු ප්‍රශ්න ආවත්, ඉවසීමෙන් සහ ගෞරවයෙන් ඒවා දරාගෙන ඉස්සරහට යන එකයි. කරදරයක් වුණාම, වැඩේ එපා වුණාම පැත්තකට වෙලා අඬන්නේ නැතුව, හිත හයිය කරගෙන ඉස්සරහට යන්න. ඒක ඔයාගේ පෞරුෂයට ලොකු ශක්තියක්.