after-the-module-arrives-4000-fallopian-tubes-cannot-be-blocked-and-sterilized-children-learn-that-nine-cannot-escape-the-earth

ඊයේ (13) රාත්‍රී දෙරණ නාලිකාවේ පැවති වාද පිටිය වැඩසටහනට එක්වූ සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විවාදයට තුඩුදී ඇති අධ්‍යාපන මොඩියුල ගැන සිදුකළ පැහැදිලි කිරීමේ කොටසකදී වෛද්‍ය චන්න ජයසුමන හිටපු ඇමතිවරයා සමගද වාද කර මෙසේ කියා තිබුණි.




ඇමති වෛද්‍ය නලින්ද: ඔය කියන විදිහට යම්කිසි සමලිංගික නැමියාවක් හෝ යම් අසභ්‍ය කරණයක් තියෙනවා නම්, මේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පොත එන්න ඕනෙ නේද? මට කියන්නකෝ මේ ප්‍රශ්නේ මේකේ කොතනද තියෙන්නේ කියලා. මේවා දරුවන්ට උගන්නන්න ඕනෙ නේද? 

හිටපු ඇමති වෛද්‍ය චන්න: දැන් අර වෙබ් අඩවියක අංකයක් දාලා තිබුණානේ. 

ඇමති වෛද්‍ය නලින්ද: පොඩ්ඩක් ඉන්න, මම එතනට එන්නම්. ඔය ඔක්කොම කියන්නේ ඉංග්‍රීසි මොඩියුල් එකේ තියෙන ප්‍රශ්නයක් ගැනනේ. ඒකනේ අපි අයින් කරගන්නවා කිව්වේ. හරි, මට කියන්නකෝ මේක. මේ සෞඛ්‍ය අධ්‍යාපනය උගන්නන්න ඕනෙ නැද්ද? මේවා හය වසර වෙනකන් හරියට ඉගැන්නුවොත් තමයි දරුවන්ට නිවැරදි අවබෝධය ලැබෙන්නේ.

චතුර, මතක තියාගන්න. පැලෝපිය නාලය මෙහෙම අල්ලලා මිරිකලා, වඳ කරන්න බෑ කියන එක දරුවන්ට උගන්නන්නේ නැතුව ඉන්න කොට තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. එහෙම කරන්න පුළුවන් කියලා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් කිව්වද? නලින්ද, මේ රටේ ජීව විද්‍යාඥයෝ කී දෙනෙක් ඕක කිව්වද? තාම ඒක කියනවද? පැලෝපිය නාලය මෙහෙම අල්ලලා වඳ කරන්න පුළුවන් කියලා තාම කියනවද? ගිහිල්ලා බලන්න මේ ගැන පර්යේෂණ පත්‍රිකා කීයක් තියෙනවද කියලා.




ඔයා කියනවද ඒක කරන්න පුළුවන් කියලා? 

හිටපු ඇමති වෛද්‍ය චන්න: ඔව්, පුළුවන් කියලානේ කිව්වේ. 

ඇමති වෛද්‍ය නලින්ද: පැලෝපිය නාලය මෙහෙම මිරිකලා කාන්තාවන් 4000ක් වඳ කරන්න පුළුවන්කම තිබ්බා කියලා කිව්වා. 

හිටපු ඇමති වෛද්‍ය චන්න: 4000ක් 5000ක් නෙමෙයිනේ. නලින්දට මූලික වෛද්‍ය විද්‍යා දැනුමක් තියෙනවනේ. 

ඇමති වෛද්‍ය නලින්ද: ඒ දැනුම තියෙන නිසා තමයි මම මේ කියන්නේ. මම පෙන්නන්නම්, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් ඒ කතාව කිව්වද කියලා. ඔයා කියන්නකෝ. ඉතින් "ඔව් පුළුවන්, මෙහෙම මිරිකලා පැලෝපිය නාලය තලලා 4000ක් වඳ කරන්න පුළුවන්කම තිබ්බා" කියලා කිව්වානේ. මිරිකන්නේ මොකෙන්ද? සිංහල මව්වරු 4000ක් වඳ කළා කියලා ඔයා නේද මූලිකවම කිව්වේ? 

හිටපු ඇමති වෛද්‍ය චන්න: අන්තිමට නඩු කොහොමද ඉවර වුණේ? 

ඇමති වෛද්‍ය නලින්ද: මූලිකවම ඕක කිව්වේ ඔයා නේද? අර වෛද්‍යවරයා නිදහස් වුණාද? අහන්නකෝ, කියන්නකෝ. ඔහු නිදහස් වුණාද නැද්ද? කවුද ඒක කළේ? ශාෆි ගැනනේ මේ කියන්නේ. ඊට පස්සේ හිටියේ ඔයාලගේ ආණ්ඩුව නේද? දැන් ඔප්පු කරලා පෙන්නුවාද? ශාෆි හිරේද? ශාෆිට විරුද්ධව නඩු කීයක් තිබුණද? කොහොමද නිදහස් වුණේ? 

හිටපු ඇමති වෛද්‍ය චන්න: කවුද ඒ මූලික පරීක්ෂණය කළේ? ඔයත් එක්ක එකට වැඩ කරපු වෛද්‍යවරුන් මූලික පරීක්ෂණයක් කරලා "මෙයා මේවා කරලා තියෙනවා" කියලා කියනවා නම්, එතකොට හිටියේ ඔයාලගේ ආණ්ඩුවනේ. 

ඇමති වෛද්‍ය නලින්ද: අපේ ආණ්ඩුව නෙමෙයි, මේ දවස්වල ඔයාලා උදව් කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවනේ තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් ආවා නේද? ඔයා ඒකේ ඇමතිකම් කළා නේද? 

හිටපු ඇමති වෛද්‍ය චන්න: ඔව් ඉතින්, මම ඒවාට බලපෑම් කරන්න ගියේ නැහැනේ. 



ඇමති වෛද්‍ය නලින්ද: බලපෑම් නෙමෙයි, නීතිය හරියට ක්‍රියාත්මක කරන්න තිබුණානේ. බලපෑම් කරන්න ඕනෙ නෑ, නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් හරිනේ. ඔව් ඉතින් නීතිය ක්‍රියාත්මකව තිබුණා. නීතිපති උපදෙස් දුන්නා නඩු ඉවර කරන්න. දැන් ඊළඟට මේ ඊට පස්සේ ඕගොල්ලෝ මොකද ඇවිල්ලා කළේ? 

හිටපු ඇමති වෛද්‍ය චන්න: (නිහඩ වෙයි) 

ඇමති වෛද්‍ය නලින්ද: පුරවැසි අධ්‍යාපනය පොතේ ප්‍රශ්නයක් තියෙනවද? දැන් මේකේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ තියෙන්නේ මෙන්න මේ පාට. මේ පාට තමයි ප්‍රශ්නේ. දැන් චතුර, මේ පාටේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? මම දැක්කා අර ආණ්ඩුකාරයෙක්, කවුද රජිත කීර්ති තෙන්නකෝන් මහත්තයා කියනවා මේ පාටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මට සැකේ තියෙන්නේ, මම දැක්කා පළවෙනි ශ්‍රේණියේ පොතකත් දරුවන්ට උගන්වනකොට පරිසර ක්‍රියාකාරකම්වලට සමනලයෙක් එහෙම ඇඳලා තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් කරගනීද දන්නේ නෑ. ඒවා ප්‍රශ්න කරගන්න කට්ටියනේ මේ ඉන්නේ.

 ඉතිහාසය පොත ගත්තොත්, මේවා ලියන්නේ කවුද? මේ තියෙන්නේ ලියපු කට්ටියගේ නම් ටික. ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරු, ආචාර්යවරු තමයි ඉතිහාස පොත ලියන්නේ. මේ පොතේ ප්‍රශ්නේ මොකක්ද? මේකේ කොහෙද ඔය කියන අසභ්‍ය කරුණු තියෙන්නේ? ඒකට කොහෙද ළමයි යොමු කරලා තියෙන්නේ? 

චතුර: මම නම් මුල ඉඳලම කියන්නේ ඒකයි. ඔබතුමාලට ඉතින් ඔච්චර කියලා යවලා, අන්තිමට ඕක අකුල ගත්තා. 

ඇමති වෛද්‍ය නලින්ද: නෑ නෑ, අපි දැන් මෙහෙමයි. ඉතින් මේ ප්‍රශ්නයකුත් නැත්නම්, සමාජයට මේවා කියන්න ඕනේ. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස්සු කුලප්පු කරලා, සමාජයේ ලොකු ප්‍රශ්න හදන්න හදන කට්ටියට උත්තරයක් දෙන්න ඕනේ. 

මේ 'ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය' පොත හොඳ නැද්ද? මෙතන කොහෙද තියෙන්නේ ඔය කියන ලිංගික නැමියාව? භූගෝල විද්‍යාව පොතේ කොහෙද ප්‍රශ්න තියෙන්නේ? දැන් මොකක් හරි ආණ්ඩුවක් තීන්දුවක් අරගෙන අපේ ප්‍රතිපත්තියත් එක්ක ගළපාගෙන ඒ පැත්තට පොත් ලියන්න හදනවා වගේ එකක් නෙමෙයි මම මේ කියන්න හදන්නේ. 

දැන් මේ භූගෝල විද්‍යාව පොත් ටික හරියට මේ ළමයින්ට ඉගැන්නුවොත් චතුර, මේ විෂය කරුණු කියෙව්වට පස්සේ තමයි ළමයින්ට තේරෙන්නේ පොළොව පලාගෙන එන්න බෑ කියලා. නයින්ට එහෙම බෝතල්වල ඉන්න බෑ කියලා තේරෙන්නේ මේවා ඉගැන්නුවම. මේවා ළමයින්ට උගන්වන්න ඕනා.

මේ මොඩියුල් ටික හරියට කළොත් මතක තියාගන්න, මෙන්න මේ අරමුණ ඉෂ්ට වෙනවා. එතන ප්‍රධාන අරමුණක් තියෙනවා: "අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංග ලෙස විචාරශීලී චින්තනය සහ සංවාදය අවධාරණය කිරීම, බහුවිධ බුද්ධි කුසලතාවය, විද්‍යා හා තාක්ෂණ ධාරාවන් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අවස්ථා වැඩි කිරීම සහ විවිධාංගීකරණය කිරීම." 

දැන් මේ ඔක්කොටම එරෙහිව අල්ල ගත්තු එකම තැන මොකක්ද? මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ තියෙන පාඩම් ටිකනේ. මොඩියුල් 1 වල පාඩම් 10ක් තියෙනවා, මොඩියුල් 2 වල 10ක් තියෙනවා, මොඩියුල් 3 වල 10ක් තියෙනවා. ඒකෙ තියෙන මොඩියුල් 2 වල "Finding Friends" (යාළුවන් සොයා ගැනීම) කියන එකේ තියෙනවා අර චැට් නෙට් එකේ කතාව. ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි ඒක අල්ලගෙන සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම වෙනස් කරන්න හදනවා. 

විපක්ෂ නායකයෙක් විදියට විමල් වීරවංශ මහත්තයා කියන දේවල් පැත්තක තියන්නකෝ. ඒ වචන එහෙම පාවිච්චි කරලා කියනවා අධ්‍යාපනය අසභ්‍යකරණය කරනවලු, කුණුහරප කියනවලු, ළමයි මෙහෙම වෙන වෙන නැමියාවලට යොමු කරනවලු. එහෙම කියලා එක එක දේවල් කියනවා. අන්තිමට මේ පාටත් ගත්තානේ.



මම මේ කල්පනා කළේ, පළවෙනි ශ්‍රේණියේ ළමයින්ගේ පොතේ තියෙනවා උදාහරණ අරගෙන දේදුන්නක් දාලා. මම කල්පනා කළා දැන් මේ දේදුන්නේ පාටත් අරගනීද කියලා ඒගොල්ලන්ගේ ඔය කියන වැඩවලට. දේදුන්නක් අඳිනකොට පාට දාන්න වෙනවානේ. 
ඒවා තමයි මේ අය අල්ල ගන්නේ. 

මේකට එරෙහිව විරෝධය දක්වන අය දැන්වත් මේක තේරුම් ගන්න ඕනේ. රයිට්, අපි මේක කල් දැම්මානේ. කල් දැම්මේ මේ ගැන අපි ජනතාව හොඳට දැනුවත් කරන්න ඕන නිසා. මේ ගැන නොදන්න හැමෝටම අපි කරුණු කියනවා. මොකද මම යළි යළිත් කියන්නේ, මේ හැම දෙමව්පියෙක්ම, හැම අධ්‍යාපන ක්ෂේත්‍රයේ කෙනෙක්ම පූර්ණ වශයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක බද්ධ වෙන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.