youth-injured-in-kohuwala-nugegoda-shooting-dies-in-hospital-4-days-later

නුගේගොඩ සිට කොහුවල දෙසට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී දෙසැම්බර් 22 වැනිදා වෙඩි තැබීමකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා කලුබෝවිල රෝහලේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 21කි.




එම වෙඩි තැබීමෙන් ඔහුගේ දකුණු අතට හා උදරයට තුවාල සිදුව ඇති බව වාර්තා වේ. යතුරුපැදියකින් පැමිණි නොහඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.




මියගිය තරුණයා විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අවිෂ්ක නැමැත්තාගේ සමීපතමයකු බවට මීට පෙර පොලිසිය අනාවරණය කර තිබුණි. එමෙන්ම, ඔහු අවිෂ්කගේ මූල්‍ය කටයුතු හසුරුවන පුද්ගලයා බවද පොලිස් විමර්ශනවලදී තහවුරු විය.

කෙසේවෙතත්, මෙම වෙඩි තැබීම තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බදොවිට අසංක නැමැත්තාගේ කණ්ඩායම විසින් සිදුකර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම ප්‍රහාරය බදොවිට අසංකගේ උපදෙස් මත සැලසුම් කර 'සැන්ඩෝ' නමැති පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කර ඇති බවටද පොලිස් පරීක්ෂණ මගින් තවදුරටත් අනාවරණය වී තිබේ.


සිද්ධියට අදාළ CCTV දර්ශන මෙතැනින්  click here
gossiplanka image