wellawatta-construction-death

වැල්ලවත්ත, 47 පටුමග ආසන්නයේ ඉදිකිරීම් ස්ථානයකදී සිදුවූ අනතුරකින්, ප්‍රයිම් මුවර් රථයක සහායකයෙකු මියගොස් ඇත. කිලෝග්‍රෑම් 500ක් පමණ බරැති රථයේ රෑම්ප් කොටසක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වැල්ලවත්ත පොලීසිය පවසයි.




මියගොස් ඇත්තේ කැලණිය, ඊරියවැටිය, අංක 537 දරණ ලිපිනයේ පදිංචිව සිටි 61 හැවිරිදි එස්.ඒ. සරත් පෙරේරා මහතා බවට පොලීසිය අනාවරණය කරයි.

පුද්ගලික සමාගමක් මගින් ඉදිකරමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක් සඳහා රැගෙන ආ පයිලින් යන්ත්‍රයක් වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම්ව තිබී ඇත. එම යන්ත්‍රය ප්‍රයිම් මුවර් රථයේ ලෝබෙට් ටේලරයට පටවමින් සිටියදී, රථයේ රෑම්ප් කොටස එකවරම කඩා වැටී, එහි සහායකයා ඊට යටවීමෙන් බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.




අනතුරට ලක්වූ පුද්ගලයා වහාම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළද, සුළු වේලාවකට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

wellawatta-construction-death