කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට (19) දිනය සඳහා නිකුත් කර ඇති නවතම කාලගුණ අනාවැකියට අනුව නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
විශේෂයෙන්ම එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව උතුරු සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් ඇතුළුව ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක හරහා විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං හමා යා හැකි බවට ද අනාවැකි පළ කර ඇත.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු තීරය විටින් විට රළු විය හැකි අතර සුළං වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතී.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval