
කෙසේ වෙතත්, කාලගුණය හේතුවෙන් ලබා දෙන මෙම විශේෂ නිවාඩුව සහ නත්තල් නිවාඩුවෙන් අනතුරුව, කලින් සැලසුම් කර තිබූ පරිදිම දෙසැම්බර් මස 29 වැනිදා නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන මහත්මිය සඳහන් කළාය.
මේ අතර අඛණ්ඩව පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර හුන්නස්ගිරිය නගරයට ආසන්න ප්‍රදේශයක පස් කන්දක් නායයෑමේ අවදානමක් අද පෙරවරුවේ සිට සක්‍රිය වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. විශේෂයෙන්ම මීට පෙර බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පිරිසක් රඳවා සිටි ආරක්ෂිත මධ්‍යස්ථානයක් මෙම නායයන ස්ථානයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන්, එම පිරිසද වහාම ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
තවද, මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ද වාන් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති හෙයින් ඕනෑම මොහොතක වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බව කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා නිවේදනය කරයි. අද පස්වරු 02.00 වන විට ජලාශයේ ජල මට්ටම මීටර් 184.80ක් ලෙස සටහන්ව තිබූ අතර එය සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 98.92ක ප්‍රතිශතයකි.
ඉදිරි කාලගුණ අනාවැකි අනුව ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව තවදුරටත් වර්ධනය වීමත්, බෝවතැන්න ජලාශයෙන් මුදා හරින ජලය මොරගහකන්ද ජලාශයට ගලා ඒමත් මෙම ජල මට්ටම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහළ ප්‍රදේශවල ඇති විය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව ඉතා විමසිල්ලෙන් පසුවිය යුතු බවට බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval