three-suspects-who-killed-a-wild-elephant-remanded

අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි සීප්පුකුලම ප්‍රදේශයේදී වන අලියෙකුට ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.




මෙසේ අමානුෂික ලෙස හිංසනයට ලක් වූ වන අලියා පසුව මියගිය අතර, අලියාට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත විය.

මෙම සිද්ධියට සැකපිට සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචි 42, 48 සහ 50 වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකු මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.




වන අලියාගේ වකුගඩු හා අක්මාවේ ඇතිවූ රෝගී තත්ත්වයක් සහ පිලිස්සීම හේතුවෙන් ඇති වූ භීතිය හේතුවෙන් අලියා මරණයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වූ බව වාර්තා වේ.