එළැඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය මැයි මස 01 වැනිදා වෙනුවට මැයි මස 30 වැනිදා යොදා ගන්නා ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් කරන ලද ඉල්ලීම ඉටු කිරීමට රජය කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මහා නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද සන්දේශයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි.
ඇතැම් මාසවලදී පොහෝ දින දෙකක් යෙදෙන අවස්ථා පවතින බැවින්
ඒ පිළිබඳව මහා නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර, උන්වහන්සේලාගේ අනුශාසනා හා ඉල්ලීම් පරිදි එම කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පෙන්වා දුන්නේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවත්, මහා සංඝරත්නයේ උපදෙස් පරිදි වෙසක් පොහොය දින නියමය සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.