two-police-officers-who-told-ella-to-hire-only-villagers-transferred-video

ඇල්ල සංචාරක කලාපය වෙත පිටතින් පැමිණෙන Pick Me සහ Uber වැනි කුලී රථ සේවාවන්හි නිරත රියදුරන්ට එම ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියදුරන් විසින් තර්ජනය කිරීම් සහ පහරදීම් සිදු කරන බවට තොරතුරු වාර්තා වී ඇති අතර, මේ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් ඇල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතරතුර, ඇල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු විසින් පිටතින් පැමිණි රියදුරෙකුට එම ප්‍රදේශය තුළ කුලී රථ සේවයේ නොයෙදෙන ලෙස ප්‍රකාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර පොලිසිය විසින් ඒ පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

අදාළ වීඩියෝ පටයේ සිද්ධිය මුල්කරගනිමින් 2025 දෙසැම්බර් 19 වන දින ඇල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කර ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර යවා ඇත.




තවද, ඊයේ (21) දිනයේදී ඇල්ල පොලිස් වසම තුළ කුලී රථ රියදුරෙකුට පහර දීමට තැත් කර ඔහුගේ මෝටර් රථයට හානි සිදු කිරීම සහ කුලී රථ සේවයේ නිරත කාන්තාවකට පහර දී මුදල් කොල්ලකෑමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබේ. මෙම පැමිණිලි මත සිදු කළ විමර්ශනවලදී රියදුරුට පහර දීමට තැත් කිරීම සහ රථයට අලාභහානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද, රියදුරු කාන්තාවට පහර දී මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ද ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (22) දිනයේදී බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here




gossiplanka image