singer-manager-sjb-politician-killed-in-ambalangoda-shooting-cctv

 අද (22) උදෑසන අම්බලන්ගොඩ නගරයේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු වූ සමගි ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක හිරාන් කෝසල මහතා අද වෙඩි තබා ඝාතනය කර තිබුණි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර අතැරදමාගිය මෝටර් බයිසිකලය පොලිසිය පසුව සොයාගෙන තිබේ.


ඝාතනයට හේතුව දේශපාලන කාරණාවක්ද යන්න සැකකරන නමුත් එය සිදු කළ අය සම්බන්ධව තවම විස්තර දැනගන්නට නැත. 

මේ වෙඩිතැබීමෙන් මිය ගිය හිරාන් කෝසල  අම්බලන්ගොඩ පදිංචිව සිටි අතර සිංගර් කළමනාකරු ලෙස සේවය කරමින් සිටිනවාට අමතරව දේශපාලනයේද නියැළුණි. සමගි ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස පසුගිය මැතිවරණයට ඉදිරිපත්වූවද ඔහු පරාජයවූ අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරයි.
CCTV වීඩියෝව මෙතැනින් Click here




gossiplanka image