toddler-dies-after-being-cut-in-half-and-falling-into-a-water-filled-pit

ආණමඩුව, වඩත්ත ගම්මානයෙන් ඊයේ (29) සවස අවාසනාවන්ත පුවතක් වාර්තා විය. එහිදී වයස අවුරුදු තුනේ දරුවකු ජලයෙන් පිරුණු වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ.එච්.එම්. සතිස් ෂෙනුල් නම් එම දරුවා මෙලෙස මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය සඳහන් කරයි. 




දරු දෙදෙනකුගෙන් යුත් පවුලක බාලයා වන ඔහු, මිත්තණියගේ නිවසේ රැඳී සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, පවුලේ සාමාජිකයන් විසින් වහාම කොට්ටුකච්චිය රෝහලට රැගෙන ගියද, ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව වාර්තා වේ.

දරුවාගේ නිවස මිත්තණියගේ නිවසට මීටර 100කට ආසන්න දුරකින් පිහිටා ඇති අතර, ඔහු නිතරම එහි පැමිණ වැඩිමහල් සොයුරිය සහ අනෙකුත් අය සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කර ඇත. ක්‍රීඩා කරමින් සිටියදී කිසිවකුටත් නොදැනීම වැසිකිළි වළ ආසන්නයට ගොස් ඇති අතර, එහි ජලය පිරී තිබූ වළට වැටීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.




සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් රැකියාවන් සඳහා නිවසින් බැහැරව සිට ඇති බව වාර්තා වේ. අදාළ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් දීප්ති එස්. දළුගම මහත්මිය පැමිණි අතර, ඒ සඳහා ආණමඩුව පොලිසිය සහාය ලබා දී ඇත.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (30) සිදු කිරීමට නියමිතව තිබුණි. පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ 'සුදු බෝලේ' යන ආදර නාමයෙන් හැඳින්වූ මෙම දරුවාගේ සිව්වන උපන්දිනය ජනවාරි 4 වැනි දිනට යෙදී තිබූ බවයි.

news-2025-12-31-063418

news-2025-12-31-063418