nostradamus-prediction-a-great-war-in-europe-in-2026

 2025 වසර ගෙවී යාමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණක් වන අතර මුළු ලෝකයේම අවධානය දැන් යොමු වී ඇත්තේ 2026 වසර වෙතයි. ඊළඟ වසර තමන්ට යහපත් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටියද අනාගතයේ කුමක් සිදුවේද යන්න නිශ්චිතව කිව හැක්කේ කාටද? අනාගතය පිළිබඳව පුරෝකථනය කළ හැකි යැයි විශ්වාස කෙරෙන ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අනාගත වක්තෘවරයෙකු ලෙස සැලකෙන නොස්ට්‍රඩාමස් 2026 වසර සම්බන්ධයෙන්

සිදු කර ඇති අනාවැකි මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තිබේ.

මීට වසර 470කට පමණ පෙර ප්‍රංශ ජාතික ජ්‍යොතිෂවේදියෙකු වූ නොස්ට්‍රඩාමස් විසින් රචිත මෙම අනාවැකි බොහෝ විට ඉදිරිපත් කර ඇත්තේ තේරුම් ගැනීමට අපහසු ප්‍රහේලිකා ස්වරූපයෙනි. 'සන්ඩේ ගාඩියන්' වාර්තාවලට අනුව ඔහුගේ මෙම පැරණි සටහන් වර්තමානයට ගලපා බලන විට පෙනී යන්නේ 2026 වසරේදී යුරෝපය පුරා භයානක යුද ගැටුමක් හටගනු ඇති බවයි.

නොස්ට්‍රඩාමස් විසින් 2026 වර්ෂය ලෙස පැහැදිලිව වර්ෂයක් සඳහන් කර නොමැති වුවද, ඔහුගේ කෘතියේ එන අංක 26 දරන කවිය (I:26) එළඹෙන 2026 වර්ෂය හා සම්බන්ධ කරමින් විවිධ විග්‍රහයන් ඉදිරිපත් කෙරේ. එහි සඳහන් 'මී මැස්සන්ගේ මහා රංචුවක් රාත්‍රියේ පැන නගිනු ඇත' යන යෙදුම වර්තමාන විශ්ලේෂකයින් අර්ථකථනය කරන්නේ හුදෙක් කෘමි සතුන්ගේ ආක්‍රමණයක් ලෙස නොව, නවීන යුද්ධ සඳහා යොදා ගන්නා මාරාන්තික ඩ්‍රෝන යානා ප්‍රහාරයක් හෝ තාක්ෂණික යුධ උපකරණ පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙසයි. එසේම ඉතිහාසයේ නෙපෝලියන් පාලන සමයේදී මී මැස්සන් අධිරාජ්‍යයේ සහ බලයේ සංකේතයක් ලෙස සැලකූ බැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ව්ලැඩිමීර් පුටින් වැනි ප්‍රබල ලෝක නායකයෙකු ලෝක සිතියම වෙනස් කරන තීරණාත්මක පියවරක් ඉදිරි වසරේදී ගනු ඇතැයි යන මතය ද මේ හරහා මතු වී තිබේ.

තවද, ස්විට්සර්ලන්තයේ ටිසිනෝ (Ticino) නගරය ආශ්‍රිතව රුධිර ගංගා ගලා යනු ඇති බවට නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි තුළ බියකරු ඉඟියක් අන්තර්ගත වන අතර එය යම් මහා විනාශයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස සැලකේ. මීට අමතරව 'බටහිර ආලෝකය නිහඬතාවයේ ගිලී යනු ඇති' බවත් 'නැගෙනහිරින් ගිනි තුනක් නැගී සිටිනු ඇති' බවත් ඔහු සටහන් කර ඇති අතර, මෙය ඇමරිකාව සහ යුරෝපය අභිබවා ආසියානු කලාපයේ බලය වර්ධනය වීමක් ලෙස හෝ කෘතීම බුද්ධිය (AI) වැනි තාක්ෂණික දියුණුව නිසා බටහිර ලෝකයේ ඇතිවන ආර්ථික අර්බුදයක් ලෙස විද්වතුන් අර්ථකථනය කරති. අකුණු සැරයක් වැදී ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු හදිසියේ මිය යනු ඇති බවට කර ඇති ප්‍රකාශය ද යම් දේශපාලන විපර්යාසයක් හෝ රාජ්‍ය නායකයෙකුගේ මරණයක් පිළිබඳ ඉඟියක් විය හැකි බවට සැක පහළ කෙරේ.


 යුද්ධයට අධිපති රෝම දෙවියන් සහ අඟහරු ග්‍රහයා පිළිබඳව සඳහන් කරමින් ඔහු ස්විට්සර්ලන්තයේ ටිසිනෝ ප්‍රදේශය ලෙයින් තෙත් වන බවට අනතුරු අඟවා ඇති අතර,


සාම්ප්‍රදායිකව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ස්විට්සර්ලන්තය වැනි රටක පවා යුද්ධය පැතිර යා හැකිද යන්න පිළිබඳව විචාරකයින් ප්‍රශ්න කරති. මීට අමතරව බටහිර ලෝකය නිහඬව තම දීප්තිය අහිමි කර ගනු ඇති බවත් නැගෙනහිර දෙසින් "ගිනි තුනක්" මතු වන බවත් ඔහු සටහන් කර ඇති අතර, එයින් ගම්‍ය වන්නේ ලෝක බලවතුන්ගේ කේන්ද්‍රය බටහිර රටවල සිට පෙරදිග රටවල් වෙත මාරුවීමක් විය හැකි බවයි.

නොස්ට්‍රඩාමස්ගේ තවත් අනාවැකියක සඳහන් වන්නේ "එක් දිනක් තුළ මහා පුරුෂයෙකු අකුණු සැර වැදී මිය යන" බවයි. මෙය 2026 වසරේදී ලෝකයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයෙකුගේ හදිසි ඝාතනයක් හෝ මරණයක් ලෙස බොහෝ විචාරකයින් අර්ථකථනය කරති. කෙසේ වෙතත් මෙම විනාශකාරී අනාවැකි මධ්‍යයේ වුවද ඔහු යම් බලාපොරොත්තුවක් ද ඉතිරි කර ඇති අතර, මෙම සියලු ව්‍යාකූල තත්ත්වයන්ගෙන් පසුව යහපත් ගුණාංගවලින් හෙබි ආලෝකවත් පුද්ගලයෙකුගේ නැගී සිටීමක් ගැන ද එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම සියලු ව්‍යසනයන් සහ අඳුරු අනාවැකි මධ්‍යයේ වුවද නොස්ට්‍රඩාමස්ගේ සටහන් තුළ ලෝකවාසීන්ට යම් බලාපොරොත්තුවක් ද ඉතිරිව පවතී. ඒ, 'ආලෝකයේ මිනිසා' (Man of Light) නමින් හැඳින්වෙන පුද්ගලයෙකුගේ නැගී සිටීම පිළිබඳව සඳහන් වීමයි. මෙම පුද්ගලයා ලෝකයේ පවතින අර්බුද වලින් අනතුරුව නව ආධ්‍යාත්මික සුවයක් සහ සාමයක් උදා කරනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, නොස්ට්‍රඩාමස්ගේ වචනවල සැබෑ අර්ථය කාලය විසින්ම විසඳනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිති.


එමගින් ලෝකයට නව අධ්‍යාත්මික පිබිදීමක් සහ නව යුගයක ආරම්භයක් සනිටුහන් වනු ඇති බවට විශ්වාස කෙරේ. මිෂෙල් ඩි නොස්ට්‍රඩම් නමින් 16 වන සියවසේ ප්‍රංශයේ විසූ මෙම වෛද්‍යවරයාගේ අනාවැකි සියල්ලම සත්‍ය නොවූවද, ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ඔහුගේ ඇතැම් අනාවැකි විශ්මිත ලෙස සැබෑ වී ඇති බැවින් ලෝකවාසීන් තවමත් ඔහුගේ හඬට කන් දීමට පෙළඹී සිටිති.