
කොස්ගම බොරළුගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ. පසුගිය 09 වැනිදා සිදුකළ මෙම වැටලීමේදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු,
යතුරුපැදි පැදිකරු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.ඉකුත් දා රාත්‍රී කාලයේදී කොස්ගම බොරළුගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබිණි. වෙඩි ප්‍රහාරයෙන් වග, වැලිකන්න ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු බරපතල තුවාල ලැබූ අතර,
ඔහු මූලික ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය පරීක්ෂණ පවත්වන අතරතුර, හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාට ලැබුණු විශේෂ තොරතුරක් මත තවත් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව හංවැල්ල තුම්මෝදර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 31, 41 සහ 43 යන වයස්වල පසුවන හංවැල්ල හා තුම්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අපරාධය සඳහා යොදාගත් ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් තුම්මෝදර කලටුවාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. මීට අමතරව වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සැලසුම් කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බැවින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval