
ජංගම දුරකථනය ඔස්සේ සිදු කරන මාර්ගගත (Online) ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවකින් පරාජයට පත්වීම හේතුවෙන්, ජයග්‍රාහකයාට මුදල් ගෙවීම සඳහා සිය පෙම්වතියගේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රන් ආභරණ සොරාගත් තරුණයෙකු සහ එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු සහ 63 හැවිරිදි රන් භාණ්ඩ නිමැවුම්කරුවෙකි.
සැකකාර තරුණයා හොරණ, කනන්විල ප්‍රදේශයේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහු නිතර ඇයගේ නිවසට යාම් ඊම් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නිවසේ තිබූ ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් රන් ආභරණ අතුරුදන්ව ඇති බවට තරුණියගේ පියා විසින් හොරණ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ. නිවසට නිතර පැමිණෙන පුද්ගලයන් පිළිබඳව පැමිණිලිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී දියණියගේ පෙම්වතා පිළිබඳ තොරතුරු හෙළි වී ඇති අතර, ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මෙම සොරකම ඔහු විසින් සිදු කර ඇති බවට තහවුරු වී ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සොරාගත් රන් භාණ්ඩ ගොඩකවෙල සහ හොරණ ප්‍රදේශවල පිහිටි උකස් මධ්‍යස්ථාන කිහිපයකට උකස් කර මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ. සොරාගත් රන් භාණ්ඩ අතර මාලයක්, කරාබු, අත් පලඳනාවක්, මුදු සහ පෙන්ඩන් ඇතුළත් බව පොලිසිය සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval