නාරාහේන්පිට ජාතික රුධිර බැංකු පරිශ්‍රය වෙත රුධිරය පරිත්‍යාග කිරීම සඳහා පැමිණි විශාල පිරිසක් පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ. රුධිරය දන්දීම සඳහා තුන් දහසකට අධික පරිත්‍යාගශීලීන් පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින්,
තාවකාලිකව නව පරිත්‍යාගශීලීන් ඇතුළත් කර ගැනීම නතර කිරීමට ජාතික රුධිර මධ්‍යස්ථානය තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ, ඊයේ දිනය තුළ විශාල ජනකායක් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා පැමිණ ඇති අතර ඔවුන්ට දීර්ඝ වේලාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදුවූ බවයි. දැනටමත් පැමිණ සිටින 3000කට අධික පිරිසගේ රුධිර පරිත්‍යාග ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා අවම වශයෙන් රාත්‍රී 10.00 පමණ වන තෙක් කාලය ගතවනු ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.
පවතින මෙම අනපේක්ෂිත තදබදය හේතුවෙන් සේවා කටයුතු පවත්වාගෙන යාමේ අපහසුතා මතු වී ඇති බැවින්, නාරාහේන්පිට මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් වළකින ලෙස රුධිර බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.
Comments
Post a Comment
Your comment will be visible after approval