sri-lankan-fara-rumi-swiss-vice-president

ස්විට්සර්ලන්ත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ දෙවන උප සභාපතිනිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෆාරා රූමි මහත්මිය නිල වශයෙන් තේරී පත්වීම සනිටුහන් කරයි. ස්විස් පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි ඉහළ තනතුරකට ශ්‍රී ලාංකිකයෙකු පත්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

වෘත්තියෙන් හෙද නිලධාරිණියක් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥවරියක වන ඇය 34 වන වියෙහි පසුවන්නීය.




ස්විට්සර්ලන්තයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන ෆාරා රූමි මහත්මිය, කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. ඇය 1998 වසරේදී, එනම් සිය 6 වන වියේදී, පවුලේ අය සමඟ ස්විට්සර්ලන්තයට සංක්‍රමණය විය.

ඇය සිය දේශපාලන ගමන ආරම්භ කළේ 2021 වසරේදී ග්‍රෙන්චන් නගර සභාවට තේරී පත්වීමත් සමගය. වත්මන් පත්වීමත් සමඟ, ඇය 2027 දී නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත්, 2028 වසරේදී ස්විස් පාර්ලිමේන්තුවේ සභාපතිනිය ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ඇය ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති, සමාජ ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති සහ සැමට සමාන අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් පෙනී සිටින්නීය. ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීමේ සංවිධානවලද ඇය සක්‍රියව කටයුතු කරයි.




ලබන වසර මුලදී සිය උපන් රට වන ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමටද ෆාරා රූමි මහත්මිය සැලසුම් කර ඇත.

sri-lankan-fara-rumi-swiss-vice-president



sri-lankan-fara-rumi-swiss-vice-president

sri-lankan-fara-rumi-swiss-vice-president

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3