
ශ්‍රී ලංකා රුපියල අද (දෙසැම්බර් 19) දිනයේදී වාණිජ බැංකු වලදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය වී ඇත.
සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 306.35 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් මිලද රුපියල් 311.60 ක් ලෙස නොවෙනස්ව පවතී.
NDB බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.40 සිට රුපියල් 308.15 දක්වාද, විකුණුම් මිල රුපියල් 312.90 සිට රුපියල් 312.65 දක්වාද අඩු වී ඇත.
පීපල්ස් බැංකුව වාර්තා කරන්නේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 306.23 සිට රුපියල් 305.94 දක්වාද, විකුණුම් මිල රුපියල් 312.99 සිට රුපියල් 312.68 දක්වාද අඩු වී ඇති බවයි.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 304.49 සිට රුපියල් 304.24 දක්වාද, විකුණුම් මිල රුපියල් 313 සිට රුපියල් 312.75 දක්වාද අඩු වී ඇත.
සම්පත් බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 306.50 සිට රුපියල් 306 දක්වාද, විකුණුම් මිල රුපියල් 313 සිට රුපියල් 312.50 දක්වාද අඩු වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval