කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා විසින් ඊයේ (18) දිනයේදී ලිඛිතව මේ බව දැනුම් දී ඇති අතර, අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, කුඩා කණ්ඩායමක් ලෙස පවතින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපතිවරයා ද වන රුක්ෂාන් බෙල්ලන මහතා (GMOA නොවේ)පසුගිය සතියේ මාධ්‍ය වෙත පවසා තිබුණේ ජාතික රෝහලේ සිදුවන බරපතළ වංචා සහ දූෂණ හෙළිදරව් කිරීම හේතුවෙන් තමාගෙන් පළිගැනීමක් ලෙස වැඩ තහනම් කිරීමට සූදානමක් පවතින බවයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙය බරපතළ අසාධාරණයක් බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ හා අක්‍රමිකතා හෙළි කරනු ඇතැයි යන බිය හේතුවෙන් රජය මෙම වැඩ තහනම සිදුකර ඇති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
සෞඛ්‍ය ගැටලු ගැන කතා කිරීමට වෛද්‍යවරයෙකුට ඇති අයිතිය සීමා කිරීම මගින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අනතුරේ වැටෙන බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අයිතිවාසිකම් ඊට ඇතුළත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
මේ අතර, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් තවත් බරපතළ අනාවරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය රාත්‍රී කාලයේ ඔහුගේ සුවදුක් බැලීමට ගිය බවට පළවූ අසත්‍ය ප්‍රවෘත්තියේ මූලාශ්‍රය වෛද්‍ය බෙල්ලන මහතා බව හෙළි වී ඇත. මෙම අසත්‍ය පුවත හිරු මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය වූ අතර, එය නිවැරදි කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දුන් අවස්ථාවේදී ද අදාළ මාධ්‍ය ආයතනය පවසා තිබුණේ රෝහල් ප්‍රකාශක විසින් එම තොරතුර තහවුරු කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදුකර ඇති අතර, අග්‍රාමාත්‍යවරිය, රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා, හෙද කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශවලින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ අග්‍රාමාත්‍යවරිය කිසිදු අවස්ථාවක රෝහලට නොපැමිණි බවයි.
අදාළ අසත්‍ය පුවත පළ කළ මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂි ලබා දෙමින්, එම තොරතුර තමන්ට තහවුරු කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා බව පවසා ඇත. ඊට අදාළ දුරකථන දත්ත සහ වේලාවන් ද ඔවුන් විසින් ඉදිරිපත් කර තිබේ.
මෙම හෙළිදරව්ව අනුව වෛද්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. මීට අමතරව, හිටපු ජනාධිපතිවරයාගේ රෝහල්ගත වීම සම්බන්ධ තොරතුරු අතිශයෝක්තියෙන් මාධ්‍යයට ලබාදීම, වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම සහ රෝගීන්ගේ රහස්‍යභාවය ආරක්ෂා නොකිරීම යන චෝදනා යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුට එරෙහිව වෙනත් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මතුගම සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර ඇති වෛද්‍ය බෙල්ලන මහතා, වෛද්‍ය වෘත්තිකයෙකුට වඩා දේශපාලනඥයෙකු ලෙස හැසිරෙන බවට ද චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, අගමැතිනියගේ රෝහල් ගමන පිළිබඳ සිද්ධිය ගැන පසුගියදා යූටියුබ් නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ, තමාට ද එය කටකතාවක් ලෙස ආරංචි වූ බවත්, තමන් දන්නා තරමින් එය මාධ්‍යවල පළවූ බොරුවක් බවත් ය.
තමන්ගේ වැඩ තහනමට අදාළ ලිපිය වෛද්‍ය බෙල්ලන ප්‍රසිද්ධ කර තිබූ අතර එය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval