
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදාවන් අවම කරගැනීමට රජය මැදිහත් නොවූ ආකාරය විමර්ශනය කිරීම සඳහා විපක්ෂයට බලය හිමි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා යෝජනා කරයි.
විපක්ෂයේ අරමුණ මෙහි සත්‍ය තොරතුරු වසන් කිරීම නොව, කරුණු අනාවරණය කර ගැනීම බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
“පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි විනාශය අවම කර ගැනීමට අවස්ථාව තිබියදීත් එය මගහැරී ගියා. රජය ඒ සඳහා නිසි සූදානමක් දැක්වූයේ නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය, ජාත්‍යන්තර ආයතන මෙන්ම දේශීය කාලගුණික ආයතනද ආණ්ඩුවට අනතුරු ඇඟවීම් කළා. නමුත් ඒවා සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක නොවූ නිසා දහස් ගණනක් ජීවිත අහිමි වීමටත්, කෝටි ගණනක දේපළ විනාශ වීමටත් හේතු වුණා. එම නිසා විපක්ෂයට බලය ලැබෙන ආකාරයේ, බහුතර සාමාජිකයින් සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අපි යෝජනා කරනවා. මෙහිදී අපගේ අරමුණ වන්නේ ඇත්ත වසන් කිරීම නොව, මෙම වැරැද්ද සිදුවූයේ කෙසේද යන්න සොයා බලා, ඉදිරියේදී මෙවැනි වැරදි සිදු නොවීමට කටයුතු කිරීමයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළේ ඊයේ (15) කොළඹදී පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදීය.
Comments
Post a Comment
Your comment will be visible after approval