ගාල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ දරා ඇති අතර, එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අහසට වෙඩි තැබීමට සිදුව තිබේ.
නිලධාරීන් එලෙස අහසට වෙඩි තැබීමත් සමඟ බියට පත් වූ අදාළ රැඳවියන් දෙදෙනා බන්ධනාගාරයෙන් පිටතට යාමට දැරූ උත්සාහය අතහැර දමා නැවත බන්ධනාගාර නිලධාරීන් වෙත භාර වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම අතරතුර අදාළ රැඳවියන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බැවින් ඔවුන්ව බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.