කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ශිල්පිනියක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිස් වාර්තාවන්ට අනුව, අත්අඩංගුවට ගත් හත් දෙනා අතර රන්බඩු නිෂ්පාදකයෙක්, රෙදිපිළි ව්‍යාපාරිකයෙක් සහ පෞද්ගලික ආයතනයක සේවය කරන නිලධාරියෙක් ද වෙති. යම් කරුණක් මුල් කර ගනිමින් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා පිළිවෙලින් බලංගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර අනෙක් පිරිස කොළඹ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. කොල්ලුපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval