rain-floods-galle-roads

අද (20) පස්වරුවේ ගාල්ල නගරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නගරයේ මාර්ග ගණනාවක් ජලයෙන් යට වී තිබේ.




ගාල්ල මහා වීදිය, ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගය, ගාල්ල-වක්වැල්ල මාර්ගය, ගාල්ල-බද්දේගම ප්‍රධාන මාර්ගය, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ, දංගෙදර, සහ බෙලිගහ යන ප්‍රදේශවල මාර්ග මෙන්ම, සංචාරක ආකර්ෂණය දිනාගත් ගාලු කොටුව තුළ ද මාර්ග කීපයක් මෙලෙස ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, ජල කාණු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම සහ එම කාණු මත සිදුකර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැසයාමට බාධා පැමිණ ඇති බවයි.