පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක අධ්‍යයන කටයුතු ලබන 29 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ප්‍රකාශ කළේය.
ගංවතුරට හසු වී අධ්‍යයන කටයුතු අත්හිටවූ පීඨ තුනෙන්, කෘෂිකර්ම පීඨය සහ පශු වෛද්‍ය පීඨය මෙලෙස ලබන 29 වැනිදා විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
කළමනාකරණ පීඨය සම්බන්ධයෙන් අදහස් දැක්වූ උප කුලපතිවරයා, එහි අධ්‍යයන කටයුතු ලබන ජනවාරි මස අගභාගයේදී හෝ පෙබරවාරි මස මුලදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.