වැලිගම පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක ආලෝක හා නාද පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් ඊයේ (29) දින ඇතිවූ දැඩි රථවාහන තදබදය පාලනය කිරීම සඳහා වැලිගම ගංගාරාම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය පැල්වෙහෙරේ සුසීම හිමියන් මැදිහත් විය.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, වැලිගම පොල්වත්ත සහ ගංගාරාම මාර්ගය ආශ්‍රිත දුම්රිය හරස් මාර්ග ද්විත්වයේම ආරක්ෂක ආලෝක හා නාද පද්ධතිය මෙලෙස බිඳවැටී ඇත්තේ දින කිහිපයක සිටය. මේ හේතුවෙන් දිනපතා දිවා රාත්‍රී දෙකෙහිම මෙම මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. බොහෝ ප්‍රදේශ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් වීමත්, සංචාරකයන් බහුලව ගැවසෙන කේන්ද්‍රස්ථානයක් වීමත් මෙම තත්ත්වය උග්‍රවීමට ප්‍රධාන හේතු වී ඇත.
බිඳවැටුණු මෙම පද්ධතිය හේතුවෙන් පාලනයෙන් තොර වූ රථවාහන තදබදය සමනය කිරීම සඳහා, විහාරාධිපති පූජ්‍ය පැල්වෙහෙරේ සුසීම හිමියන් මාර්ගයට වැඩම කරමින් රථවාහන හැසිරවීමේ කටයුතුවල නිරත වන අයුරු දැකගත හැකි විය.