කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ නගරය ආසන්නයෙන් රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත. කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පිහිටි වෙළඳසැල් කිහිපයක හදිසියේ ගින්නක් හටගැනීම මෙයට හේතුව වී තිබේ.
අද (30) පස්වරුවේ ආරම්භ වූ මෙම ගින්නෙන් කිරිබත්ගොඩ පිහිටි "සුදු අරලියා" සහ "MLP Shoes" යන වෙළඳසැල් දෙකට දැඩි බලපෑම් එල්ල වී ඇත.ගින්න නිවා දැමීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ පහක් එම ස්ථානයට යොදවා ඇති අතර, ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක වේ. මෙම ගින්න හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවීමේ හැකියාව පවතින බැවින්, කොළඹ - නුවර මාර්ගය භාවිතා කරන රියදුරන් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
ඡායාරූප හා වීඩියෝ පහතින්
Photos Click here
Video Click here
