parliament-to-remain-closed-until-12-midnight-today-and-tomorrow

11 am updae
අද (01) දිනට නියමිතව ඇති වැය ශීර්ෂ මධ්‍යහ්න 12.30ට සම්මත කර ගැනීමට තීරණය කර ගෙන තිබෙයි.

පසුගිය 27 වැනිදා දින දෙකකට කල් දැමුණු පාර්ලිමේන්තුව අද (01) යළි ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබුණි.
එමෙන්ම ලබන 03 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමටද තීරණය වී තිබෙයි.


9.30am
 අමාත්‍යාංශ හයකට අදාළ වැය ශීර්ෂ විවාදයන් අද (1) සහ හෙට (2) යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව අද සහ හෙට උදෑසන 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. අයවැය විවාද ඉතිහාසයේ මෙලෙස දීර්ඝ කාලයක් සභාව රැස්වී විවාද පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.



අද දිනයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙන්ම පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇත.


එසේම හෙට දිනයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි සහ යටිතල පහසුකම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ විවාද පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පසුගිය 27 සහ 28 යන දෙදින තුළ රටේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අයවැය විවාද පැවැත්වීමට නොහැකි විය. එලෙස අවලංගු වූ දින දෙකෙහි විවාදයට ගැනීමට නියමිතව තිබූ වැය ශීර්ෂයන් අද සහ හෙට දිනයේදී මෙලෙස විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.