one-killed-in-dehiwala-shooting

 දෙහිවල ප්‍රදේශයේ පිහිටි ඒ ක්වාටර්ස් (A Quarters) ක්‍රීඩාංගනය අසලදී සෙනසුරාදා (06) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.



වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වන අතර,


අපරාධය සඳහා භාවිතා කරන ලද ගිනි අවිය පිළිබඳව හෝ ඝාතනයට ආසන්නතම හේතුව පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිස් ස්ථානය මූලික වී ඇති අතර, තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.