medical-camp-in-vakara-for-flood-affected-animals

 මෑත­කදී ඇති වූ ගංව­තුර සහ දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් මඩ­ක­ළ­පුව දිස්ත්‍රි­ක්කයේ කුකු­ළන් 4000ක්, ගව­යන් 400ක් සහ එළු­වන් 400ක් මිය­ගොස් ඇති බව මඩ­ක­ළ­පුව දිස්ත්‍රික් පශු සම්පත් සංව­ර්ධන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්. අබ්දුල් හාදි මහතා පැව­සීය.



ගංව­තු­රෙන් පීඩා­වට පත් සතුන් සඳහා විශේෂ වෛද්‍ය කඳ­වු­රක් ඊයේ (08) වාකරේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ කටු­මු­රිව්, ආන්ඩාල් කුලම් සහ කති­ර­වෙලි යන ප්‍රදේ­ශ­වල පැවැ­ත්විණි.




මෙම සත්ත්ව වෛද්‍ය කඳ­වු­රේදී, ගංව­තු­රෙන් පීඩා­වට පත් සතුන් සහ කුකු­ළන් පරීක්ෂා කර සතුන් රෝග­ව­ලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඖෂධ බෙදා දුනි. නැඟෙ­න­හිර පළාත් පශු සම්පත් සංව­ර්ධන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ මඩ­ක­ළපුව දිස්ත්‍රික් කාර්යා­ලය හරහා වෛද්‍ය කඳ­වුර සංවි­ධා­නය කරන ලදි.

පශු සම්පත් සංව­ර්ධන සංවි­ධා­නයේ හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ මඩ­ක­ළ­පුව දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්. අබ්දුල් හාදි මූලි­ක­ත්ව­යෙන් පැවති වෛද්‍ය කඳ­වු­රු­ව­ලට පශු වෛද්‍ය නිල­ධාරී වෛද්‍ය එස්.ටී.එම්. මාහිර් ඇතුළු පිරි­සක් සහ­භාගි වූහ. මෙම වෛද්‍ය කඳ­වු­රට ගොවීන් 200කට අධික සංඛ්‍යා­වක් සහ­භාගි වීමද විශේ­ෂ­ත්ව­යකි.