මෑතකදී ඇති වූ ගංවතුර සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ කුකුළන් 4000ක්, ගවයන් 400ක් සහ එළුවන් 400ක් මියගොස් ඇති බව මඩකළපුව දිස්ත්‍රික් පශු සම්පත් සංවර්ධන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්. අබ්දුල් හාදි මහතා පැවසීය.
ගංවතුරෙන් පීඩාවට පත් සතුන් සඳහා විශේෂ වෛද්‍ය කඳවුරක් ඊයේ (08) වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුමුරිව්, ආන්ඩාල් කුලම් සහ කතිරවෙලි යන ප්‍රදේශවල පැවැත්විණි.
මෙම සත්ත්ව වෛද්‍ය කඳවුරේදී, ගංවතුරෙන් පීඩාවට පත් සතුන් සහ කුකුළන් පරීක්ෂා කර සතුන් රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඖෂධ බෙදා දුනි. නැඟෙනහිර පළාත් පශු සම්පත් සංවර්ධන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මඩකළපුව දිස්ත්‍රික් කාර්යාලය හරහා වෛද්‍ය කඳවුර සංවිධානය කරන ලදි.
පශු සම්පත් සංවර්ධන සංවිධානයේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මඩකළපුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්. අබ්දුල් හාදි මූලිකත්වයෙන් පැවති වෛද්‍ය කඳවුරුවලට පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.ටී.එම්. මාහිර් ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම වෛද්‍ය කඳවුරට ගොවීන් 200කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමද විශේෂත්වයකි.