
කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට දුරකථනයෙන් අමතා බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන 25 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර, අදාළ තර්ජනාත්මක ඇමතුම් ලබා දුන් දුරකථන අංකය ඔස්සේ සිදු කළ විමර්ශනවලදී හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අත්අඩංගුවට පත් සැකකරු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරමින් සිටින සිසුවෙකි. මොහු පසුගිය දෙසැම්බර් 03 වැනිදා විදෙස්ගතව සිට නැවත දිවයිනට පැමිණ ඇති බව පොලිසිය පවසයි. මෙම තරුණයා කලක සිට යම් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අයෙකු බව ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval