විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.ජා.පෙ.) ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, වසර 10ක් පමණ අඛණ්ඩව මෙරට ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයූ ඕමාන් සමාගම ඉවත් කර ස්විට්සර්ලන්ත සමාගමකට සැපයුම ලබාදීම හේතුවෙන් ලබන පෙබරවාරි වන විට රට පුරා ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවයි.
ඇමැති මණ්ඩලය විසින් ලබන මස පළමුවැනිදා සිට වෙනත් සමාගමකට ගෑස් සැපයුම ලබාදීමට අනුමැතිය දී තිබුණද, මෙතෙක් ගිවිසුම් අත්සන් කර නොමැති බවත්, අදාළ සමාගම මේ වන විට විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. ආණ්ඩුව වගකීම් විරහිතව ක්‍රියා කළහොත් ලබන පෙබරවාරි වන විට ගෑස් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් පිළිතුරු දුන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා, ගෑස් හිඟයක් ඇති වන බව පවසමින් ජනතාව බිය ගැන්වීම පහත් ක්‍රියාවක් බවත්, කිසි ලෙසකින්වත් රටේ ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රකාශ කළේය.
ස්විට්සර්ලන්තය මූලික කරගත් ජියෝගෑස් ට්‍රේඩින් (Geogas Trading) සමාගම වෙතින් ඇණවුම් කරන ලද පළමු ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) තොගය ලබන ජනවාරි 05 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ රට තුළ ගෑස් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් මේ වන විටත් අත්සන් කර අවසන් බවත්ය.
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමක් හරහා තෝරාගෙන ඇති මෙම සමාගම, ඊළඟට අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගමට වඩා ශත 15ක් අඩු මිලක් යෝජනා කරමින් මෙම කොන්ත්‍රාත්තුව දිනා ගැනීමට සමත් වී ඇති අතර, ඒ අනුව 2026 වර්ෂය තුළ ලිට්‍රෝ ගෑස් සමාගම වෙත ගෑස් මෙට්‍රික් ටොන් 3,80,000ක ප්‍රමාණයක් (සියයට 20ක අඩු හෝ වැඩි) සැපයීමේ කොන්ත්‍රාත්තුව එම සමාගමට හිමි වී තිබේ.
මීට පෙර ගෑස් සැපයූ ඕමානයේ OQ Gas සමාගමට රජයේ ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා සැපයුම් කොන්ත්‍රාත්තුව අහිමි වීම හේතුවෙන් ලබන වසරේ සිට ගෑස් හිඟයක් ඇති විය හැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීමක් සිදු කළේය.
ඊට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ නව සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට එකඟ වී ඇති බැවින් කිසිදු ගැටළුවක් මතු නොවන බවත්, අදාළ ගිවිසුම් අත්සන් කර ඇති බැවින් නව සමාගමේ පළමු නෞකාව නියමිත පරිදි ජනවාරි 05 වැනිදා පැමිණෙනු ඇති බවත්ය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සැපයුම් ලබා ගන්නා ස්විට්සර්ලන්තයේ ජියෝගෑස් ට්‍රේඩින් සමාගම හරහා මෙම ගෑස් තොග දිවයිනට ලැබීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval