latha-walpolas-last-rites-to-be-performed-at-independence-square-with-full-state-sponsorship

අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
දේහය අද (28) පස්වරු 4 සිට අඟහරුවාදා (30) දක්වා බොරැල්ල, ජයරත්න "රෙස්පෙක්ට්" මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.




අනතුරුව, ලබන බදාදා (31) දින පෙ.ව. 9 සිට ප.ව. 3 දක්වා කාලය තුළ මහජන ගෞරව දැක්වීම සහ රාජ්‍ය ගෞරව පුද කිරීම සඳහා දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ඒමට නියමිතය.

ඇයගේ අවසන් කැමැත්තට අනුව, එදින සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.




මෙම අවමංගල්‍යය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වේ.