gossiplanka image 1

පසුගියදා සිදුවූ ආපදා තත්වයන් රජය පාලනය නොකළ බැවින් සතයක්වත් ආධාර නොදෙන්නැයි ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කළ සිරි සමන්තභද්‍ර හිමිගේ එම ප්‍රකාශය අසභ්‍ය ලෙස විවේචන කළ යූටියුබ් ක්‍රියාදරයින් දෙන්නෙකුට එරහිව එම හිමියන් නීතිමගට  යන බව දන්වා තිබේ.


 අන්තර්ජාලය ඔස්සේ යූ ටියුබ් නාලිකාවක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා 'සක්කිලි ධාතුසුණක සමන්ත බඩ්ඩ උබට පිස්සු' නමකින් හා 'බඩු සමන්ත ඉවරම කරයි'  නමක් යොදා ප්‍රසිද්ධ කරන ලද වැඩසටහන් මගින් තමන් වහන්සේට දැඩි අපහාසයක් සිදු කර ඇති බව පවසමින් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි සහ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව එන්තරවාසි යොමු කර තිබේ. පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම පුද්ගලයින් දෙදෙනා විසින් අදාළ වැඩසටහන හරහා තම සේවාදායක හිමිනම ඉලක්ක කර ගනිමින් ද්වේශසහගත ප්‍රකාශ සිදු කර ඇති බවත්, එමගින් සිදුවූ හානිය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි මුදලක් ගෙවන ලෙසත් එම එන්තරවාසි මගින් දැනුම් දී ඇත.




දෙහිවල, බෙල්ලන්තර පාරේ අංක 02 ලිපිනයෙහි වැඩවසන පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ උපදෙස් මත නිතීඥ ටෙනීෂා විදානපතිරණ මහත්මිය විසින් ඉකුත් දෙසැම්බර් 18 සහ 24 යන දිනවලදී රාජගිරියේ පදිංචි සුදත්ත තිලකසිරි මහතාට සහ අනුරාධපුරයේ වැඩවසන පූජ්‍ය රාජංගනයේ සද්ධාරතන හිමියන් වෙත මෙම එන්තරවාසි යොමු කර තිබේ. මෙම ලිපිය ලැබී දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවා නිම කිරීමට අපොහොසත් වුවහොත්, එම මුදල අය කර ගන්නා තෙක් ඊට අදාළ නෛතික පොලිය සහ නඩු ගාස්තු ද අය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වලට එළඹෙන බවට නීතිඥවරිය විසින් එම පාර්ශවයන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇත.

අදාළ වීඩියෝ වැඩසටහන මගින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තම සේවාදායක හිමියන්ට එරෙහිව ලබා දී තිබූ නඩු තීන්දුවක් ද නිර්දය ලෙස විවේචනයට ලක් කර ඇති බවත්,


එය 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ. එසේම දශක කිහිපයක් තිස්සේ බෞද්ධ භික්ෂුවක්, විචිත්‍ර ධර්ම කථිකයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් මෙන්ම සමාජ සේවකයෙක් ලෙස සමන්තභද්‍ර හිමියන් ගොඩනඟාගෙන තිබූ යහපත් නාමය, කීර්තිය සහ ගෞරවය විනාශ කිරීමේ අරමුණින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බැවින් ඊට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බව අදාළ පාර්ශව වෙත යොමු කළ එන්තරවාසියේ සඳහන් වේ.
ගැටලුවට මුල්වූ වීඩියෝ දෙක තවම අන්තර්ජාලයේ පවතින අතර ඒවා නරඹන්න මෙතැනින් click here

gossiplanka image 1